ප්‍රශ්න තොරතුරු

මගේ බබාට දැන් අවුරුදු එකයි මාස 5ක්  වෙනවා. බබා තාමත් මව්කිරි බොනවා. ඒ වගේම දැන් මාස 6 ක පමණ ඉදන් මගේ කොන්ඩෙ ගොඩක් යනවා. බබාට කීරි දෙන නිසා එහේම වෙනවා කියලා තමයි ගොඩ දෙනෙක් කියන්නේ. මේ කොන්ඩෙ යෑම නතර කරන්න හොද විටමින් මොකක්ද? වෙළඳපොලේ තිබෙන  විටමින් පාවිචිචි කීරීම බබාට බලපානවාද?.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

හිසකෙස් යාම ( alopecia ) එක්තරා කාලයකට කාන්තාවන්ට ඇති විය හැකි ගැටලුවකි .  මේ සඳහා බලපෑ හැකි විවිධ හේතු තිබිය හැකි වුවත් විටමින් ඌනතාව මීට බලපෑ හැකි එක හේතුවක් පමණි . හිසකෙස් යාමට බලපාන අනෙක් හේතු අතර යම් හිසේ ඇතිවන දිලීර ආසාදන එමෙන්ම හෝමෝන උනතා ආදිය ප්‍රධාන වේ .

නිශ්චිත හේතු හඳුනා ගැනීමෙන් තොරව විටමින් ලබා ගැනීම නොකළ යුතු අතර ඔබට මේ සඳහා ප්‍රතිකාර ගැනීමට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු බව සිතමි. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 Oct 2019 Tue 3:10 PM

අදහස්