මම ඉතා දුකින් ඉන්න කාන්තාවක්.විවහකි.දරුවන් 2.රෙකියස්වක් කරයි.පිටතදි යහලුවන් සමග ව්හිලුවෙන් ඖන්ටද උපදෙස් දෙමින් සිටී.නිවසට පෙමිනි විගස තනිවූ බවක් දෙනෙ
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ඔබගේ මානසික ව්‍යාකූල භාවයක් ඇති බව ද තේරුම් ගත හැක නමුත් ඔබගේ ගැටලුව කරුණු සහිත ව මෙහි දක්වා නැති නිසා ඔබට උපදෙස් දීම බාධාවකි.
ඔබට තනිකමක් හා දුකක් දැනීමට හේතුව පවුලේ අය සමග හෝ ප්‍රියයන් සමග ඇති බැදීම් ඌනතාවයක් නිසා ද නැතහොත් වෙනත් මානසික ව්‍යාකූල භාවයක් හෝ බලාපොරොත්තු කඩ වීමක් නිසා ද යන්න මෙහි නිශ්චිත දක්වා තිබුණේ නම් ඉතා අගනේය .
කෙසේ නමුත් පෙනෙන ආකාරයට ඔබේ පවුල සම්පූර්ණය. ඔබට ඇත්තේ තාවකාලික මානසික සාංකාවක් විය හැක . මෙවැනි තත්ත්වයක් ඕනෑම අයෙකුට ජීවිතයේ ඕනෑම කාලයකදී මුහුණ දිය හැක . මෙවැනි තත්ත්ව වලින් අපට නිදහස් වීමට නම් හොද සන්නිවේදනයක් හා විශ්වාස වන්ත උපදෙස් ලබා ගැනීමේ මාර්ගයක් හෝ පුද්ගලයෙකු තිබිය යුතු ය . මෙවැනි ගැටලුවක් ඇති වූ විට ඔබට විශ්වාසවන්ත ම යහළුවෙකුට හෝ ඥාතියකුට ඒ බව පවසා සාකච්ඡා කළ හැක .
ඔබ පිටතදී සතුටින් සිටින නමුත් නිවසේදී දුකින් සිටීම යන්නෙන් අදහස් කරන්නේ එය ප්‍රියමනාප නොවන තැනක් බව නම් ඔබේ ගැටලුව අපට පවසන්න . අප එය විශ්ලේෂණය කොට වඩා යහපත් පිළිතුරක් ලබා දීමට උත්සාහ කරන්නම් .
එසේ කීමට නොහැකි ගැටලුවක් නම් මානසික උපදේශන සේවාවක නිලධාරියකු හා සම්බන්ධ වී හෝ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කිරීමෙන් ඔබට ඉතා නිවැරැදි යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැක .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 08 Oct 2019 Tue 10:02 PM