< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

G spot කියන්නෙ මොකද්ද.ඒ ගැන විස්තර කරල දෙන්න ඩොක්ටර්

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේය ඇත්ත වශයෙන්ම ශරීරයෙහි යෝනිය ආශ්‍රිත ස්ථානයක් ලෙස හැඳින්විය හැක කාන්තාවක් සුරාන්තයට පත්වීම  සිදු වන්නේ මෙම ස්ථානය උත්තේජනය වීමෙන් බව  මෑතක දී සිදු කරන ලද පරීක්ෂණ වලදී මතයක් ඉදිරිපත් වී තිබේ. 

නමුත් මෙය යෝනිය ඇතුලත කුමන ප්‍රදේශයේ නිශ්චිතව පිහිටන්නෙ දැයි ප්‍රකාශ කර නැත. එහි පරීක්ෂණ වලට අනුව එක් එක් කාන්තාවන්ගේ මෙම ස්ථානයේ පිහිටීම අඩු වැඩි වශයෙන් වෙනස් වියහැක. එසේම කාන්තාවන් ස්වයං වින්දනය කිරීමේදී මෙම ස්ථානය උත්තේජනය කිරීමෙන් ඉක්මනින් සුරාන්තයට පත්වන බවට අදහසක් පළ වී තිබේ 

සාමාන්‍යයෙන් මෙම ස්ථානය යෝනි විවරයත් ගැබ්ගෙල අතර මැද ප්‍රදේශයක තිබිය හැකි බවත්   එය ශරීරයේ ඉදිරිපසට වන්නට පිහිටන ස්ථානයක් බවත් අනුමාන කෙරේ . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 Oct 2019 Tue 10:45 PM