ප්‍රශ්න තොරතුරු

මම උසස්පෙළ විද්‍යා අංශයෙන් කරද දෙවරක් කිසිදු සාමාර්ථයක් නොලදිමි.දැනට අවුරුදු 23 කි.සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් රැකියාවක නිරත වුවද දැන් එම රැකියාවෙන් ඉවත්ව සිටියි.ගැහැණු ළමයෙකු වශයෙන් මාගේ ඉදිරි අනාගතය සදහා කුමන පියවරක් මා ගත යුතුද?කරුණාවෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි .

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 පෙනෙන පරිදි ඔබට නැවත විභාග වලට මුහුණ දී අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට ලබා ගැනීමට ප්‍ රායෝගික  අපහසු බවක් පෙනෙයි . නමුත් අවශ්‍ය නම් එය ද කළ නොහැක්කක් නොවේ .

ඔබගේ දක්ෂතාවය හා කැමැත්ත  අනුව ඔබට වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීම සඳහා යම්කිසි පාඨමාලාවක් නිරතවීම ඉතා සුදුසුය . මේ සඳහා උසස් පෙළ සමත්ව තිබීම අත්‍යවශ්‍ය නැත . 

නමුත් ඔබට ගැලපෙන්නේ කුමන ආකාරයේ වෘත්තීය පුහුණුවක් ද යන්න ඔබ තීරණය කළ යුතු ය .  එය  ඔබගේ ඉදිරි ජීවිතයේ ආදායම් මාර්ගයක් කර ගැනීමට සහ ඔබගේ ස්ථිීර රැකියාවක් ලෙස පවත්වා ගෙන යා හැකි නම් ඉතා සුදුසු ය . 

වයස අවුරුදු 23 යනු ජීවිතයේ හොඳම සහ වටිනාම කාලය බැවින් නිකරුනේ නිවසේ ගත කිරීම අපරාධයකි. ඒ ඔබගේ වෘත්තීය දක්ෂතාවයක් දියුණු කර ගැනීමට යෙදවීම ඉතා ප්‍රයෝජනවත්ය . වෘත්තීය අරමුණකින් තොරව විවිධ රැකියාවල  යෙදීමෙන් ඔබේ ඒ කාලය ප්‍රයෝජනයට ගත නොහැකි වනු ඇත . එබැවින් ඉදිරි ජීවිතයේ ඔබට නිශ්චිත ඉලක්කයක් තබා ගත යුතුය . 

ඔබ විවාහ වීමට සිටින වයස ඔබට ඉපයීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ආදිය දැන්ම සැලැසුම් කරගන්න . 

සාමාන්‍ය පෙළවත් සමත් නොවූ බොහෝ  පුද්ගලයන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම සේවා සැපයීම්  ආයතන  වල දැවැන්තයන් වී බොහෝ ප්රතිලාභ ලබා ගන්නා බව සිහිපත් කරන්නට කැමතියි.  . එබැවින් ජීවිතය සාර්ථක කර ගැනීමට ඉහළ විභා පත්‍ර වීම හෝ අධ්‍යාපන සහතික පත්‍ර තිබීම අත්‍යවශ්‍ය දෙයක් නො වේ . 

ඔබටද  ඉලක්කයක් සහ ධෛර්යයක් ඇත්නම් එවැනි තැනකට ළඟා වීම අපහසු නොවේ . නමුත් අවශ්‍ය කරන්නේ නිසි සැලසුමක් සහ නොපසුබට උත්සාහය යි . ඔබට මේ සඳහා මඟ පෙන්වන රජයේ හා පුද්ගලික අංශයේ  ආයතන බොහෝ  තිබේ . අන්තර්ජාලයෙන් මේ තොරතුරු ඔබට සොයා ගත හැක .

නැතහොත් ඔබට තනිවම ස්වයං රැකියාවක් ( රූපලාවණ්‍ය, ඇඟළුම් හා අත් කම් නිර්මාණ ආදි ) කිරීම කෙරෙහි වුවද යොමු විය හැක . මේ සඳහා ඔබේ ඇති නිර්මාණශීලී බව සහ ධෛර්යය සම්පන්න බව ඉතා අවශ්‍ය වේ 

මෙවැනි දෙයක් ඔබේ ජීවිතයේ ප්‍රමුඛ දෙයක් බවට පත් කර ගන්න . එමෙන්ම සැහැල්ලූවෙන් සහ සතුටින් සිටීමට ද අන්‍යයන් සමග හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම ද  ජීවිතය අර්ථවත් කර ගැනීමට හේතු වේ . 

 ඒ අතරතුර  ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් සුදුසු සහකරුවෙකු සමග පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට නිසි වයසක දි කටයුතු කරන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Oct 2019 Wed 1:55 AM

අදහස්