< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ultrasound scan වලට ඩිම්බකෝශවල ගෙඩි තිබෙනවානම් හසු වෙනවාද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බොහෝ  ඩිම්බකෝෂ වල පවතින ගෙඩි ( Ovarian cyst) වැනි තත්ත්ව ඉතා පහසුවෙන් ultrasound ස්කෑන් පරීක්ෂණ මගින් බලා ගත හැක . 

නමුත් එය ඉතා සාර්ථක වන්නේ දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් එවැනි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් පමණි . ඩිම්බ කෝෂවල පවතින ගෙඩි සමහර විට ඉතා කුඩා විය හැකි බැවින් Ultrasound  පරීක්ෂණ වලදී බලා ගැනීමට  ඉතා සියුම්ව නිරීක්ෂණය කළ යුතු අවස්ථා ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Oct 2019 Wed 11:23 PM