ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර්, මට මහත් වෙන්න  ඕනේ.මගේ උස 5'6'' යි. බර 52යි. මන් කුමක්ද කළ යුත්තේ?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ Bmi  අගය 19කි. එය ඇත්ත වශයෙන්ම ප්‍රශස්ත අගයක තිබේ . 

ඔබේ උසට සරිලන බරක් තිබෙන බැවින් තවත් මහත්වීමට උත්සාහ කළහොත් බර වැඩිවී Bmi අගය ස්ථූලතාවය සීමාවට ළං වනු ඇත. 

මෙය ඔබේ නිරෝගී කමට ඉදිරියේ දී බාධාවක් විය හැක. එබැවින් ඔබ මහත් වීමට උත්සාහ කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න  අප නොදන්නා නමුත් එය අත්‍යවශ්‍ය ම කරුණක් දැයි නැවත සිතා බලන්න . 

නමුත් ඔබ ට මහත් වීමට අවශ්‍ය නම් ඒ සඳහා කාබෝහයිඩ්‍රේට හා ප්‍රෝටීන බහුල ආහාර නිශ්චිත සැලසුමකට අනුව ගත යුතුය . 

එය තීරණය කළ හැක්කේ පෝෂණවේදී වෛද්‍ය වරයකුට බැවින් එවැනි වෛද්‍යවරයෙකු හමුවි ඔබේ අවශ්‍යතාවයට අනුව අහාර රටාව සකස් කර ගන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Oct 2019 Thu 11:07 AM

අදහස්