ප්‍රශ්න තොරතුරු

position2 tblt eka mng use kara namuth .mata period dawas 6k kal gihin y ehema wenna

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පොස්ටිනෝ 2 යනු අධි මාත්‍රාවක් සහිත හෝමෝන උපත් පාලන පෙති වර්ගයකි.  එහි ඇති එක් අතුරු ආබාධයක් ලෙස  ඔසප් චක්‍රය පමා විය හැක .  එය දින සිට සති ගණනක් වුව ද පමා විය හැක .

නමුත් එසේ සිදු සිදුවන්නේ ඔබගේ ඔසප් වීමට දින කීපයකට පමණක්  පෙර ඔබ මෙම පොස්ටිනෝර් පෙති වර්ගය වර්ග පාවිච්චි කළොත් පමණි. 

ඔසප් චක්‍රය පමා වීම සිදු වීමට හැකි අනිත් හේතු වන්නේ ගැබ් ගැනීමක් සිදුවී තිබීමයි .  

ඔබට අක්‍රමවත් ඔසප් චක්‍රයක්  තිබේනම් එයද මේ සඳහා හේතුවක් විය හැකියි. 

ඔබගේ ඔසප් චක්‍රය සතියකට වඩා ප්‍රමාද නම් ඔබට කළ හැකි වන්නේ hcg මුත්‍රා පරීක්ෂණය සිදු කර බැලීමයි . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Oct 2019 Thu 11:17 AM