ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මගෙ වයිෆ්ට උපත් පාලන කරලක් අතට දාල තියෙන්නෙ.කරල දාල දැනට මාස තුනක්  පමණ වෙනව.දැන් කරල දාපු තැන  නෙමේ  තියෙන්නෙ අගලක් පමණ පහලට ඇවිත්.මෙහෙම වෙන්නෙ ඇයි?ඒකෙන් අතුරු ආබාද ඇති වෙයිද.නැත්නම් එය සාමාන්‍ය දෙයක්ද.මෙයට කරන්න ඕනි මොකද්ද.කරල ඉවත් කල යුතුද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

එය සමෙන් එළියට පැමිණ නොමැති  නම් කිසිදු ගැටලුවක් ඇති නොවේ . 

විය යුත්තේ එය සම යටින් අතෙහි පැළඳ  තිබීමයි . එය ඇතුළු කළ ස්ථානයෙන් තරමක් පහළින් පිහිටීම ගැටලුවක් නොවේ ගැටළුවක් නොවේ එය පිළිබඳ කලබල විය යුතු නැත  . 

මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර කරල් ඉවත් කළ යුතු නැත . එයින් ඇති වන අතුරු ආබාධයක් නැත 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Oct 2019 Thu 11:50 PM