ප්‍රශ්න තොරතුරු

mang bedhala awurudu 7k wenawa mage mahathayagen mata prblms godai.mata epa wela thiyanna.mata denui 24 ayata dhen wayasa 38.api athara sathutak nehe.mata wena kenek ekka den awuradak thissa yalu wela inne .api atha godak adhara thiyanawa .api godak lang wela inne.linga sambanda tha thiyanawa .ohuth wiwaha wecha kenek den mata den ayage yf gena dukai mata meka arinda hithanawa.namu tha araya kemathi nehe.mata meka arinda magak nedha .ara akkata babala nehe den prgnt wage .ea hinda mata meyagen eatha wenna onawage .pls hoda advice ekak dennako

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ ප්‍රශ්නය විශ්ලේෂණාත්මකව බැලීමේ දී ඔබ යම් මානසික අපහසුතාවයකට සහ නොසතුටට පත්ව සිටින බවත් ඔබ මේ පවත්වාගෙන යන්නේ අසම්මත සම්බන්ධයක් නිසා ගැටලු සහගත භාවය වැඩිවන ආකාරයකුත් දැක ගත හැක . ඔබ අඩු වයසින්  විවාහ වී තිබෙන අතර ඔබේ හා සැමියාගෙ වයස් පරතරය වැඩි වීම දැන් ගැටලුවක් වන්නේ ඇයි දැයි නිශ්චිත නැත . 

කෙසේ නමුත් ඔබත් ඔබේ අනියම් පෙම්වතා  කරන්නේ වැරදි ක්‍රියාවක් බව පැවසිය යුතු ය . අනෙක් අතට  එය ඔබේ සැමියාට හා  ඔහුගේ බිරිඳටත් ඔබ දෙදෙනා විසින් අසාධාරණයක්  කරන බව පෙනේ . විශේෂයෙන් ම ඇය ගැබිනියක් නම් ඔබ මේ ගෙන යන සම්බන්ධතාවේ වහාම නැවැත්විය යුතු බව සාධාරණව මේ  දෙස බලන විට පෙනේ. 

නමුත් පසුවී හෝ ඔබට එය වැරදි ක්‍රියාවක් බවත් එය නැවැත්විය යුතු බවත් දැනීම දැමීම ඉතා හොඳ දෙයකි . ඔබේ තීරණය තීරණය නිවැරදි වන අතර එය එය බොහෝ පවුල්වල සමගිය හා ආරක්ෂාව තහවුරු කරන තීරණයක් වේ . ඔබේ අනියම් පෙම්වතා මේක ට අකමැති වුවත් ඔබ එය නතර කිරීමට ගත් තීරණය වෙනස් නො කරන්න . එයින් කවදා හෝ ඔබට හෘද සාක්ෂියෙන් සමාවක් ලැබෙනු ඇත . 

වෙනත් ස්ත්‍රියකට හෝ දරුවෙකුට දුකක් ලබා දීමේ තීරණයක් ඔබ විසින් නොගැනීම ඔබේත් ඔබේ දරුවන්ගේ ද මතු අනාගතය යහපත් වීමට හේතු වේ .  අතීතයේ සිදු වූ දේවල් නැවත හැරවිය නොහැකි අතර ඒවා ඔඩු දුවා යෑමට පෙර නතර කර ජීවිතයේ නිවැරදි තීරණයට එළඹෙන්න. 

ඔබට සැමියා සමග ගැටලු සහ ප්‍රශ්න ඇත්නම් ඒවා ඔහු සමඟ කතා බස් කොට විසඳා ගැනීමට උත්සාහ කරන්න එසේ නොහැකි නම් ඔබට ඔහුගෙන් දික්කසාද වීමට හැකියි . ඉන් අනතුරුව  ගැළපෙන කෙනකු සමග නීත්‍යානුකූලව විවාහ වී සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාවක් ඇත . 

ඔබට දැනට සැමියාගෙන් ඇතිවන ප්‍රශ්න වලට විසඳුම අනියම් ඇසුරක් පැවැත්වීම හෝ වෙනත් පවුලක් කඩා ඉහිර වීම නොවේ . මෙවැනි පවුල් ප්‍රශ්න බොහෝ විට ඉතා ඛේදජනක අවසානයන් ගෙන්  පිරුණු අවස්ථා ඕන තරම් තිබේ .

කළ නොහැක්කක් නොමැති නිසා මෙවැනි අවස්ථාවක ඔබ මෙය නැවැත්වීමට ගන්නා තීරණය ක්‍රියාත්මක කර ඔහුගෙන් සහ සම්බන්ධතා වලින් ඈත් වන්න . එය තාවකාලික වේදනාවක් ගෙන දුන්නත් ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට මහත් පිටුවහලක් වනු ඇත .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Oct 2019 Fri 12:33 PM

අදහස්

circle

නිර්නාමික

11 Oct 2019 Fri 12:59 PM

mata answer eka therunne