ප්‍රශ්න තොරතුරු

ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවා ගැනීමට ස්වභාවිකව ගත හැකි ආහාර මොනවාද , ඊට අමතරව ෆාමසි වලින් ලබාගත හැකි විටමින් හෝ වෙනත් බෙහෙත් තිබේද, තිබේනම් එය ඩුබායි වලින් ලබාගත හැකිද, ගොඩාක් ස්තූතියි යෙහෙළි ඔබට  🙏

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ස්වාභාවික එළවළු පළතුරු සහ විශේෂයෙන්ම කොළ පැහැති  එළවළු  හොදින් ඔබගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය කරන විටමින් හා ඛනිජ පදාර්ථ ප්‍රමාණවත්ව ලබා දෙයි . තවද කිරි මස් සහ බිත්තර වලින්  පෝෂක ද්‍රව්‍ය සහ සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන සංඝටක නිපදවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය සපයයි . 

සිරුරේ ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා විශේෂයෙන් ගතයුතු විටමින් වර්ග පෙති වර්ග වෙළඳපොලේ නැත . තිබුණත් ඒවා ව්‍යාජ ඒවාය . 

ස්වභාවික ප්‍රතිශක්තිය ඇති වන්නේ ඔබගේ සිරුර,  යම් යම් ප්‍රතිරෝධී තත්ත්වයන්ට නිරාවරණය වීමෙන් ඊට ප්‍රතික්‍රියාවක් ලෙස ප්‍රතිදේහ නිපදවීමෙන් වේ . 

ඊට අමතරව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට එන්නත් භාවිතා කරනු ලබයි  ලබයි කුඩා කල සිට ලබාදෙන විවිධ වර්ගයේ එන්නත් වලින් විවිධ රෝගාබාධයන්ගෙන් වැළකීමට ප්‍රතිශක්තියක් සිරුර තුළ ඇති කරයි . 

ඩුබායි වුවද  ඔබට අවශ්‍ය කරන හොඳ එළවළු සහ පලතුරු අවශ්‍ය තරම් ලබාගත හැකි නිසා හැකි තරම් පිසීමෙන් තොරව එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම  කරන්න 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Oct 2019 Fri 9:14 PM

අදහස්