ප්‍රශ්න තොරතුරු

lingika innan sedena isthana kiyanna puluwanda

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ප්‍රධාන වශයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන ලිංගික ඉන්නන් ( genital warts )හට ගන්නේ ලිංගික අවයව  ආශ්‍රිතව පමණක් නොවේ .

පුරුෂයන්ගේ නම් ලිංග ය , වෘෂණ කෝෂ ,කලවා ප්‍රදේශ , ඉකිලි ප්‍රදේශ , ගුද මාර්ගය තුළ හෝ ඉන් පිටත මේවා හට ගත හැක . 

එසේ ම කාන්තාවන්ගේ නම් යෝනි මාර්ගය තුළ  හා ඉන් පිටත ගුද මාර්ගය තුළ හා ඉන් පිටත  ,  ගැබ්ගෙලෙහි  ඒවා හට ගත හැක . 

ඊට අමතරව දෙපාර්ශ්වයේම තොල් වල උගුරේ , මුඛයේ හෝ දිවෙහි මෙම ඉන්නන් හට ගන්නා අවස්ථා ඇත . එසේ වන්නේ බොහෝ විට බොහෝ විට මුඛ සංසර්ගයේ යෙදීමෙනි . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2019 Tue 4:42 PM

අදහස්