ප්‍රශ්න තොරතුරු

කන්යා බාවය නැවත හදන්න පුලුවන්ද? පුලුවන්නම් කොහෙන්ද? කියක් වියදම් වෙනවද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.


Hymenorrhaphy ලෙස හඳුන්වන්නේ කන්‍යා පටලය නැවත සකස් කිරීමේ ශල්‍යකර්මයකි . මෙය සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල සිදු කරන්නේ නැත . 

නමුත් ඔබට මෙය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සිදුකර ගැනීමට  දැන් හැකියාව තිබේ. එම රෝහල්  වල නම් අපට මෙය  හරහා ප්‍රචලිත කළ නොහැකි නිසා ඔබ අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කීපයක දුරකථන අංක ලබා ගෙන ඔවුන්ට කතා කොට තොරතුරු දැනගැනීමේ හැකියාව ඇත. 

මෙය සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ශල්‍යකර්මයක් වන නිසා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු මුණ ගැසීමෙන් වුවද මේ සම්බන්ධව වැඩි විස්තර සහ යන වියදම ආදී තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 Oct 2019 Sun 10:14 AM

අදහස්