ප්‍රශ්න තොරතුරු

මං කලින් යාලු වෙලා හිටපු කෙනා සමග මා ලිංගිකව හැසිරිලා තියනවා..දැං එයා වෙන කෙනෙක් බැදල..ඒ දවස් වල එයා අපි ලිංගිකව හැසිරෙන දේවල් විඩියෝ කරා..එයා දැං මට තර්ජනය කරනව එයත් එක්ක ආපහු ලිංගික සබදතා පවත්වන්න ,නැත්තං අර විඩියෝ අන්තර්ජාලයට දානවා කියලා..එයා ඒවා එයාගේ යලෙුවොන්ටත් පෙන්නලා..මං එයාව විශ්වාස කරපු නිසයි මේ හැම දේම වුනේ..ඒත් එයා මාව රවැට්ටුවා..මට මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද..මං හුගක් අසරනයි..එයාගෙ අම්මලා පවා මාව රවට්ටල සල්ලි ගත්ත..මට හිතාගන්න බැ මං දැං මොකද කරන්නේ කියලා..ජිවිතේ නැති කර ගන්න තැනට වැටිල ඉන්නේ මං...

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පත් වී ඇති ගැටලු අපට ඉතා හොඳින් තේරුම් යයි ඔබ වහාම කළ යුත්තේ මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයේ කාර්යංශයේ දුරකථන අංක 011 2 444444 කතා කොට මේ පිළිබඳව ඔවුන් දැනුවත් කොට රහසිගත ආකාරයට මේ සම්බන්ධයෙන් ගත හැකි ගැනීමයි මාර්ගයක් ගැනීමයි .  ඉතා රහසිගතව ඔබට මෙම පැමිණිල්ල ගොනු කළ හැකි අතර ඔවුන් මෙවැනි ආකාරයේ ක්‍රියා සම්බන්ධයෙන් ඉතාම සාර්ථක ආකාරයට විමර්ශන කටයුතු කරයි .  

එමෙන්ම ඔබට අපරාධ විමර්ශන අංශය (CID ) පැමිණිල්ලක් යොමු කිරීමෙන් ඔහු සතු වීඩියෝ දර්ශන හා අනෙක් දේවල් නීත්‍යානුකූලව ලබා ලබාගැනීමටත් ඔහු එම ක්‍රියාවලින් ඉදිරියේදී නිරත වීම වැළැක්වීමටත් කටයුතු කර හැක . 

0112433433 හෝ 119  පොලිස් හදිසි දුරකථන අංකය අමතා මෙහෙ හා වැඩි විස්තර ලබා ගන්න 

ඔබ මානසිකව යහපත සිටිය යුතු අතර  මේ සම්බන්ධව ප්‍රශ්නවලදී නීතිය සහය තබා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Oct 2019 Thu 5:15 PM

අදහස්

circle
circle

නිර්නාමික

25 Oct 2019 Fri 8:52 PM

matah mama una

නිර්නාමික

25 Oct 2019 Fri 8:54 PM

mata col ganna