ප්‍රශ්න තොරතුරු

When I put on my slippers, a very unpleasant odor comes on. So when I go to a place and take off my sandals, I feel very uncomfortable. Even When I get into a vehicle, the whole vehicle gets that bad air. For me, this is a very stressful mental affliction. plz dr,provide a solution to this problem. Tell me if there is a medicine.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙම තත්ත්වය phantosmia ලෙස අප හදුන්වයි . එනම් ඇත්ත වශයෙන්ම විවිධ අවස්ථාවලදී හෝ ස්ථාන වලදී  මනංකල්පිත ආඝ්‍රාණයක්(olfactory hallucination ) ඔබට දැනීමයි  . 

ඇත්ත වශයෙන් ම මෙය ආග්‍රහන සංවේදන හෝ රස සංවේදන ස්නායු වැරදි ආකාරයට උත්තේජනය වීමෙන් සිදු වන්නක් විය හැක  . නැතහොත් මානසික ව්‍යාකූල භාවයක් නිසා සිදු විය හැක . නැතහොත් ඔබට ඇති කායික රෝගී තත්ත්වයක් නිසා සිදු විය හැක .  

බොහෝ විට මෙය කුමන හේතුවක් නිසා සිදුවන්නක් දැයි සොයා ගැනීම කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සිදු කළ හැක . සාමාන්‍ය මෙවැනි තත්ත්වයන් ඇතිවී  ටික කලකින් නැති වී යන අතර නැවත මතුවිය හැකිය . බොහෝ විට නිශ්චිත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ . 

නමුත් දිගින්  දිගටම ඔබට මේ කරදරකාරී ලෙස සිදුවෙයි වෙනත් කායික රෝගී තත්ත්වයක් ද නොමැති නම් මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයකු හමුවී මෙය පෙන්වීම සුදුසු වේ . 

සමහරවිට හිස  කබලට සිඳුවු යම් අනතුරක් නිසා නැතහොත් මත්ද්‍රව්‍ය ආදියේ බලපෑම නිසා හෝ ඖෂධවල  හෝ වෙනත් රෝගයක බලපෑම  නිසා මෙවැනි තත්ත්වය ඇතිවිය හැක.  

ඔබට කළ හැක්කේ ළඟම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමට විශේෂඥ වෛද්‍ය සායනයට යොමු කරවා ගැනීමයි . 

එසේත් නැත්නම් පුද්ගලික අංශයේ වුවද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී පෙන්වීම කළ හැක .. 

මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇති නිසා බිය විය යුතු හෝ වද විය යුතු නො වේ .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Nov 2019 Sat 2:58 PM