ප්‍රශ්න තොරතුරු

man yalu wela inna mage thathtage akkage putha ekka. ape gewal walin kamthi na api le nadayo kiyala. mata dana ganna one api 2nna marry karama apita lamai hamba weddi lamaita eka parshnayak weida kiyala. plz answer ekak ewannko

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.


සාමාන්‍යයෙන් සියලුම රටවල් වල ලේ ඥාති විවාහයක්  සිදුවීම   අධෛර්යමත් කරයි .

  ඊට හේතුව ලේ ඥාති විවාහ වලදී ජානගත රෝග සහ වෙනත් උපතේදී ඇතිවන විකෘතිතා දරුවන්ට ලැබීමේ සම්භාවිතාව ඉහළ වීමත් සමහර බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි වීමත් ය . 

එම නිසා ඔබ දෙදෙනාට විවාහ වීමට අත්‍යවශ්‍යම නම් පළමුව ඔබ දෙදෙනාගේ පරම්පරාවල් වල අයගේ ද ඇතුළුව රෝග ඉතිහාසයන් වෛද්‍යවරයකු විසින් නිවැරදිව නිරීක්ෂණය කොට උපදෙස් ලබාගැනීම කළ යුතුය . එමෙන් ම ඔබ දෙදෙනාට ද පවුලේ ළඟම ඥාතීන්ට ද ජානගතව සිට පැවත එන රෝගාබාධ නැති බව පරීක්ෂණාත්මකව තහවුරු කර ගැනීම වැදගත්ය . විශේෂයෙන් ම තැලසීමියාව ,නිරක්තිය හෝ අංගවිකල තාවයන් ඔබේ පවුලේ ඥාතීන් අතර පැවතියේ ද යන්න සොයා බැලීම කළ යුතුය . 

එවැනි රෝග ඉතිහාසයක් තිබේ නම් අප දෙදෙනා විවාහ වීමේදී දරුවන්ට දී දරුවන්ට ද එවැනි තත්ත්වයන් ඇති වීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ ය . 

ලේ ඥාති විවාහයන් වලදී ඇතිවන සංකූලතා අතර උපතේදීම දරුවන්ට ඇතිවන අංගවිකල තාවය මෙන්ම රුධිර ගත රෝග සහ ජානගත රෝග දැක්විය හැක . 

එබැවින් ඔබ දෙදෙනාම කළ යුත්තේ පළමුව වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වී කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු  හා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී මේ පිළිබඳ උපදෙස් පැතීමයි 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Nov 2019 Mon 3:33 PM

අදහස්

circle

නිර්නාමික

13 Nov 2019 Wed 4:18 PM

thank you