ප්‍රශ්න තොරතුරු

මුඛ සංසර්ගයේදී hiv ආසදනය වෙනවද?ඉන් දෙදනාටම බලපෑමක් ඇති වෙනවාද/

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍යයෙන් මුඛ  සංසර්ගයේදී ඒඩ්ස් රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අඩුය . ඊට හේතුව ඛේටය හරහා හෝ තුවාල නොවුණු සංවුර්ත පටක හරහා මෙය සම්ප්‍රේෂණය නොවීමයි . 

නමුත් මුඛ සංසර්ගයේ යෙදීමේ දී ශිෂ්ණය තුවාල වීමක් හෝ නැත්නම් ඒ සමගම මුකයේ තුවාල වීමක් සිදුවී තිබුණහොත් ඒ අවස්ථාවේදී රුධිර තරලයන් එකිනෙක මිශ්‍ර වීමක් ඉතා කලාතුරකින් සිදුවිය හැක . එවැනි අවස්ථාවකදී HIV වෛරසය ශරීරගත විය හැක . 

 එම නිසාම  නිසා මුඛ සංසර්ගයෙන් පසු ඒඩ්ස් වැළඳීමෙන් සියයට සීයක් ම ආරක්ෂා විය හැකි යැයි කිව නොහැක . 

නමුත් සිප ගැනීමකදී මෙම වෛරසය එකිනෙකා හරහා හුවමාරු නො වේ . මව්කිරි ,ශුක්‍ර තරලය හා අනෙකුත් දේහ තරල ඔස්සේ හා ප්‍රධාන වශයෙන් රුධිරය ඔස්සේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වේ . 

එම නිසා වඩා වැදගත් වන්නේ ආරක්ෂාකාරී ලිංගික සම්බන්ධතා පැවැත්වීම යි ඒ සඳහා කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රම භාවිත කරන්න 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 Nov 2019 Tue 6:36 PM