ප්‍රශ්න තොරතුරු

ai nitharama vage nidimatha enne. eka rogi thathvayakda? neththan poshanaye adu vimakda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

නිතර නිදිමත දැනීම යම් ආකාරයක  හෝමෝනමය හෝ ශාරීරික ගැටළුවක් විය හැක. නැතහොත් මානසික සමබරතාවය ගැටළුවක් වියහැක 

නිශ්චිත  හේතුව සොයා බැලීමට ඔබ වෛද්‍යවරයෙකු හමු වීම අත්‍යවශ්‍ය වේ 

බොහෝ විට තයිරොයිඩ් හෝමෝන ඌනතාවන් වලදී මෙවැනි ආකාරයට සිදුවීමක් විය හැක . නිරක්තිය වැනි තත්ත්වලදී ද මේ ආකාරයට නිදිමත ඇති විය හැක .

ඔබට ප්‍රමාණවත් වරම් තරම් නින්දක් රාත්‍රී නොලැබීියේ නොලැබීම ද යම් හේතුවක් විය හැක .

මේ කුමක් වුවත් නිතර නිදිමත දැනීම ඔබ පරික්ෂා කර ගතයුතු නිසා ළඟම රෝහලෙහි රෝහලේ බාහිර රෝගී අංශයට යොමු වී වෛද්‍යවරයෙක් හමුවන්න 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Nov 2019 Fri 11:41 AM

අදහස්