ප්‍රශ්න තොරතුරු

As naliyala hadena oluwa kakumata visadumak kiyanna

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට මෙම හිසරදය ඇති වූ කාල වකවානුව සහ ආශ්‍රිතව ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ වමනය ඔක්කාරය හෝ ඇස් පෙනීමේ දුර්වලතා වැනි දේ අපට දැන ගැනීමට අවශ්‍යයි. 

සමහර විට මෙය ඉරුවාරුදය වැනි තත්ත්වයක් හෝ සාමාන්‍ය හිසරදය වැනි අවස්ථාවක් විය හැක. නමුත් පරික්ෂා පරීක්ෂා කිරීමකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දිය නොහැක.

මෙම තොරතුරු මෙහි සඳහන් කර පිළිතුරක් ලබා ගන්නවාට වඩා ළඟම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකු හමුවී  පෙන්වා පරික්ෂා කර ගැනීම උචිත බව සිතමි.  එමෙන්ම ඔබගේ රුධිර පීඩනය වැනි කාරණාද මෙහිදී බැලිය යුතු බව සඳහන් කරමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 29 Nov 2019 Fri 11:25 AM

අදහස්