ප්‍රශ්න තොරතුරු

මගේ වයස 30 මට අවුරුදු 5 බබෙක් ඉන්නවා දැන් මාස 6කට කලින් ඉදලා තව බබෙක් හදන්න හැදුවත් තාම නෑ මට මුල ඉදලම මෙන්සස් දවස් 7ක් තියෙනවා දැනුත් දවස් 7ක් තිබුනත් මාස 4 වගෙ ඉදලා ඉස්සර තරම් රුදිරය පිට වෙන්නේ නෑ ඒක දරුවෙක් නොලැබෙන්න හෙතුවක්ද ශුකානු පිටට එනවා ලිංගිකව එකතු වෙලා නැගිට්ට පසු මෙක රෝගි තත්වයක්ද හැබැයි මුල් බබා හදන්න කලිනුත් එහෙම ශුකානු පිටට ආවා මේක ස්බාවික දෙයක්ද මම ගොඩක් ආසාවෙන් ඉන්නේ බබෙක් හදන්න මම මානසිකව ගොඩක් පිරිහිලා ඩොක්ටර් මම මොනවද කරන්න ඕනේ

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ ගැටළුවට අදාළ ව ඔබ සවිස්තර කරුණු දක්වා තිබුණත් ඔබ උපත් පාලන ක්‍රම භාවිත කළේ ද නැද්ද යන්න හෝ වෙනත් ප්‍රතිකාර වලට යොමු වි සිටියේද යන්න මෙහි සඳහන් කර නැති නිසා නිශ්චිත පිළිතුරක් දීම තරමක් අපහසුය. නමුත් ඔබට  ඔබට පැවසිය යුත්තේ මෙම තත්වය එතරම් බිය විය යුතු නොවන තත්ත්වයක් බවයි. අවුරුද්දක් ගත වන තෙක් ඔබ දරුවෙකු සෑදීම සඳහා උත්සාහ කළ යුතුය. එහිදීද දරුවෙකු පිළිසිඳ නොගනී නම් එම තත්ත්වය දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය විය යුතු අවස්ථාවකි .

එහිදී යම් ගැටලුකාරී තත්ත්වයක් දැනගැනීමට හැකි වුවොත් එයට ප්‍රති කාර කිරීමෙන් අනතුරුව ඔබට දරුවෙකු පිලිසිද ගැනීමට අවස්ථාව උදාවේ . 

මට පෙනෙන ආකාරයට නම් ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත්  භාවයක් නැත. .එමෙන්ම ශුක්‍රානු එලියට යාම ද දරුවකු පිලිසිද ගැනිමට ගැනිීමට බලපාන්නේ නැත . මෙය බොහෝවිට  සාමාන්‍ය තත්වයක් විය හැක. අවශ්‍ය වන්නේ මානසික යහපත් භාවයෙන් යුතුව දරුවකු අපේක්ෂා කිරීමයි. බොහෝ අයට මෙවැනි තත්ත්වයන් ඇති වන නමුත් ඉතා ඉක්මනින් දරුවකු පිළිසිඳ ගැනීම ස්වාභාවිකව සිදුවේ. 

නමුත් ඔබ ට යම් සැකයක් ඇත්නම් විශේෂඥ නාරි ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවී මේ පිළිබඳ සාකච්ඡාවක් කර පරීක්ෂා කරවා ගත හැක 

අවශ්‍යනම් ඔබට ලඟම රජයේ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය සායනයට යොමු වීමේ පිළිබඳව උපදෙස් ලබා ගැනීමට හැකියාව ඇත. නමුත් මෙය බියවීමට හෝ  ගැටලු තත්ත්වයක් ඇති වීමට හේතුවක් නොවේ.  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Nov 2019 Sat 8:35 AM

අදහස්

circle
circle

නිර්නාමික

04 Dec 2019 Wed 12:41 PM

ඩොක්ටර් මම උපත් පාලන ක්‍රමයක් බාවිතා කලේ නෑ ඩොක්ටර් ගොඩක් ස්තුතියි මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දුන්නා

නිර්නාමික

04 Dec 2019 Wed 12:42 PM

ඩොක්ටර් මම උපත් පාලන ක්‍රමයක් බාවිතා කලේ නෑ ඩොක්ටර් ගොඩක් ස්තුතියි මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දුන්නා