ප්‍රශ්න තොරතුරු

Cancer thiyana kenekta kos gata thambala biuwoth wisa adu wenwda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙවැනි දේවල් බටහිර වෛද්‍ය විද්‍යාවේ දී පිළිගන්නේ නැත. එයට හේතුව මෙවැනි දේවල් ඖෂධ ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක විශ්ලේෂණාත්මක පරීක්ෂණ විද්‍යායාත්මක ක්‍රම මඟින් තහවුරු කර නොමැති වීමයි . 

සාමාන්‍යයෙන් අප දන්න විෂය පථය පරිදි ඔබට ලබාදිය හැකි පිළිතුර වන්නේ මෙම ක්‍රම වලින් පිළිකා සෛල  නැසිය නොහැකි බවයි.

රෝගියෙකුට පිළිකාවක් ඇත්නම් ඔබ කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි කටයුතු කිරීමයි වර්තමානයේ බොහෝ පිළිකාවලට දිගු කාලීනව පිළිතුරු ලබා දීමේ ක්‍රමවේදයන් තිබේ

එබැවින් ඔබ කළ යුත්තේ නොදන්නා දේවල් පසුපස ගොස් ජීවිතය විනාශ කර නොගෙන දන්නා  නිවැරදි ප්‍රතිකාර ක්‍රම වලට යොමුවී හැකි තරම් රෝගය සාර්ථකව මැඩ පවත්වා ගැනීමයි 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 Dec 2019 Thu 8:03 PM

අදහස්

circle

නිර්නාමික

08 Jan 2020 Wed 9:59 AM

Can I ask a question?