ප්‍රශ්න තොරතුරු

මම බැදලා අවුරැදු 4ක් වෙනවා තාම බාබාලා නැ උස්සාහා කරත් නැ පතිපල අපි එකට කුමක්ද කල යුත්තේ

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටලුව අනුව ඔබට හෝ සැමියා ට මද සරුභාවය නැමැති තත්ත්වය තිබීමෙන් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති බව සිතිය හැක . 

ඔබ දෙදෙනා කලයුත්තේ ඉක්මනින්ම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙත රජයේ රෝහලක දී හෝ පෞද්ගලික රෝහලක දී හමු වී මේ පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමට සාකච්ඡා කිරීමයි . 

වර්තමානයේ මඳසරුභාවය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇති අතර දරුවකු දරුවෙකු පිරිසිඳකු පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහ වෛද්‍ය ක්‍රම බහුලව තිබේ . එබැවින් ඔබ කනස්සල්ලට පත් විය යුතු නැති අතර උත්සාහයෙන් සහ අපේක්ෂා සහගතව ප්‍රතිකාර සඳහා නිශ්චිත එක් වෛද්‍යවරයෙකු වෙත එක් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා උචිතය . එය රජයේ නම් ශික්ෂණ ශික්ෂණ රෝහලක දී සිදු කිරීම වැදගත් වන අතර පෞද්ගලික රෝහලක දී නම් එම පහසුකම් ඇති රෝහලක් තෝරා ගැනීම වැදගත් ය . 

ඔබ මතක තබාගත යුතු  වැදගත්ම දෙය ඔබ පමණක් නොව සැමියා  ද මේ සඳහා පරීක්ෂණ  වලදී සහාය දැක්විය යුතු බවයි . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 Dec 2019 Sat 3:34 PM

අදහස්