ප්‍රශ්න තොරතුරු

ane doctor Mata papola hadila.beth gaththa.. 20hws hadila..21 ude beth gaththe. dn bibili godak dala..thvth env.inna bh kasanava.e doctor qwa dws 7k nanna epa kyl.ane doctor Mt aga sodanna ona .. hrima sirikithai dn nm.mn mokada krnne? Google eke thibuna kasanavata calamine ganna kyl. lacto calamine powder ek kmk ndd? Meka ikmnt Honda krgnn puluwn dewal tkk kynn plz.. kohomba athu uda nidgnnv vge vd kmk ndd??

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය වෛරස් රෝගයකි . මේ සඳහා තිබෙන ඖෂධ ඉතාම සීමිත වන නමුත් දැන් ඒවා ලබා ගෙන සම්පූර්ණ  ප්‍රයෝජනයක් ගත නොහැක . අවශ්‍ය නම් Aciclovir ඖෂධය ලබා ගත හැකි නමුත් රෝගය නිට්ටාවට අඩු නොවේ . ඔබට ඇග සේදීමට අවශ්‍ය නම් එය සිදු කළ හැක. ඒ වෙනුවෙන්  සිදු වන   විශේෂ හානියක් නැත. නමුත් උණ තිබෙන විට ඇඟ සේදීම වැනි දේවල් වලී ඔබට අපහසු තාවයක් වැඩි විය හැක . කොහොඹ කොළ   උඩ නිදාගෙන කිසිඳු  ඵලක් නැත. ඔබට අවශ්‍ය නම් ලැක්ටො කැලමයින් වැනි ආලේපනයක් භාවිතා කිරීමෙන් කසන ස්වභාවය මඟහරවා ගැනීමට හැකි ය . 

රොකී පිසදතොපි පිසදමන විට බොහෝ විට නෑම වැනි දේවල් වලින් වැලකීමළකීමට උපදෙස් ලබා දෙන්නේ ඒ හරහා අනිත් අයට  බෝවීමට ඉඩ ඇති නිසාය .  මෙය දින 10ක් පමණ ගතවූ පසු ක්‍රමානුකූලව අඩු වී යන අතර කැලල් බොහෝ ප්‍රමාණය ද මැකී යනු ඇත . 

ඉක්මනට හොඳ වෙනවා කියා දෙයක් නැත වෛරසය ශරීරයේ ප්‍රතිදේහ නිපදවා ඒ විනාශ වී යෑම  ස්වභාවිකව සිදුවන තුරු ඔබට ඔබට බලා සිටීමට සිදුවේ . දින 14කින් පසු ඔබ යථා තත්ත්වයට පත් වීම සිදුවනු ඇත පත්වීම සිදු වනු ඇත ඒ සමගම ජීවිත කාලය පුරාවටම ප්‍රතිශක්තියක් ද ඔබේ ශරීරය තුළ නිපදවී තිබෙනු ඇත 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 Jan 2020 Thu 3:36 AM

අදහස්