ප්‍රශ්න තොරතුරු

මට මාස 8ක් මෙන්සස් නොවි ඉදලා ආයේ උනා ඊට පස්සෙ මාසේ උනේ නෑ.මේකට හේතුව

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීම විවිධ හේතු නිසා විය හැකියි.මෙය හෝර්මෝන අසමතුලිත තාවයක් නිසා,ඇතම් ඖෂධ වර්ග නිසා ,මානසික ආතතිය නිසා ආදී විව්දාකාර හේතු නිසා විය හැකියි.අක්‍රමවත් ඔසප් චක්‍රය්කට කාන්තාවන් අතර ඉතාම සුලබ රෝගී තත්වයක් ලෙස polycystic ovarian disease තත්වය හැදින්විය හැකියි.ඔබට ශරීරයේ බර වැඩි වීම,කුරුලෑ බහුලව ඇති වීම,මුහුනේ ශරීරයේ රෝම ඇතිවීම වැඩි වීම,බෙල්ල කලු පැහැති වීම වැනි ලක්ශන ඇති නම්  මෙම තත්වය ඇති බවට සැක කල හැකි අතර ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීමෙන් මෙය තහවුරු කර ගත හැකියි .  එමෙන්ම ඔබ ලිංගිකව සක්‍රීය අයෙක් නම් මෙම මස ඔසප් චක්‍රය පමා වීම   ඔබ ගැබ් ගැනීම හේතුවෙන්ද විය හැකියි.එම නිසා වෛද්‍යවරයෙකු හමුවී මුත්‍රා hCG පරීක්ෂාවක් සිදු කර ගැනීමෙන් ඔබ ගර්භනී ද යන්න තහවුරු කර ගත හැකියි.කෙසේ නමුත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමුවී නිසි ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ.ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම තත්වය මගහරවා ගත හැකියි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 16 Mar 2020 Mon 1:38 AM

අදහස්

circle

නිර්නාමික

30 Mar 2020 Mon 2:19 PM

ඔයා ප්‍රෙග්නන්ට්