ප්‍රශ්න තොරතුරු

මම ප්‍රොස්ටිනො 2 ටැබ්ලට් එක පාවිච්චි කලා ඒකෙ පලවෙනි ටැබ්ලට් එකෙන් පැය 12කට පස්සෙ දෙවෙනි එක ගන්න කියලා තිබුනා එත් මම දෙවෙනි එක ගන්න ටිකක් පරක්කු උනා පැය 14ක් විතර ගියාට පස්සෙ තමා ගත්තේ ඒක ප්‍රශ්නයක් වෙනවද අනික ඒක ගත්තට පස්සෙ කෑම කන්න හිතෙන්නේ නෑ ඒ මේ ටැබ්ලට් එකේ side effect එකක්ද..මම දෙවෙනි එක ගන්න ටිකක් පරක්කු උන නිසා ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

Prostino2 පෙති ලබාගත යුත්තේ හදිසි උපත් පාලන ක්‍රමයක් වශයෙන් විනා සැලසුම්සහගත කාර්යයකදී නොවේ.

 නමුත් ඔබ ලබාගෙන ඇති ආකාරයේ විශාල වරදක් නැත . දෙවන පෙත්ත පැය දාහතරකින් ලබා ගැනීමේදී විශාල ගැටලුවක් නැත .  එය ලබාගත යුත්තේ හැකි තරම් ඉක්මනින් එනම් ලිංගික කාර්යය අවසන් වූ වහාම නම් ඉතා හොඳය . 

නමුත් ඔබ දැනගත යුත්තේ මෙම පෙති වල සාර්ථකත්වය සියට සියයක්ම නොමැති බවයි. එනම් ගැබ් ගැනීමේ ඉතා කුඩා සම්භාවිතාව තිබිය හැක. එමෙන්ම පෙති වල අසාර්ථක වීමේ ඉතා කුඩා සම්භාවිතාවක් ද තිබිය හැක.

 එමනිසා මෙවැනි පෙති නිතරම බාවිතා කිරීම නුවනට හුරු නොවේ. එවැනි අවස්ථාවකදී  සාර්ථක උපත් පාලන ක්‍රමයක් ලෙස කොණ්ඩම් වැනි දේවල් භාවිතා කිරීමට පුරුදු විය යුතුය 

ඔබට  ගැබ් ගැනීමක් සිදු වීමට ඉඩ ඇත්තේ පෙති ලබා ගෙන ඇති ආකාරයේ වරදක් නිසාම නොව එහි ඇති ඵල රහිත වීමේ කුඩා සම්භාවිතාවය නිසාය . නමුත් බොහෝ විට මෙහි සාර්ථකත්වය ඉතා වැඩි බව ද සඳහන් කළ යුතු ය 

කෑම අරුචිය ඔක්කාරය හා ඔසප් වීමේ ඔසප් වීමේ අක්‍රමිකතා මෙහි අතුරු ඵල ලෙසඵල ලෙස ඇති විය හැකි තත්ත්වයන්ය ඒවා සාමාන්‍ය වේ .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Mar 2020 Wed 9:48 AM

අදහස්