ප්‍රශ්න තොරතුරු

මම නිල් චිත්‍රපට (porn) වලට ඇබ්බැහි වෙලා. මට මේක හරි කරදරයක්. මම කොහොමද මේකෙන් මිදෙන්නේ? මට උදව් කරන්න පුලුවන්ද?

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇබ්බැහි වීමක් යනු තදින් මුල් බැසගත් දෙයක්.එහි අවශ්‍යතාව පැමිනි විට ඔබට කිසිම ක්‍රමයකින් ඉන් මිදීමට නොහැකි විය හැකි අතර ඔබ කෙසේ හෝ එම අවශ්‍යතා ඉටු කර ගනියි. ඕනෑම ඇබ්බැහි වීමක් මේ ආකාරය. ඇතැම් විට ඔබට ඉන් අත්මිදීමට අවශ්‍ය වුවද කරගත නොහැකි විය හැකිය. නිල් චිත්‍රපට වලට ඇබ්බැහිවීමද මේ ආකාරමය. ඇමරිකානු සමීක්ෂකයන් පිරිසක් පෙන්වා දෙන ආකාරයට මෙය මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමකට යම් තාක් සමාන කමක් දක්වයි.
ඇබ්බැහි වීමකින් ගැලවීම කිසිසේත් පහසු දෙයක් නොවේ. එයට සිතේ දැඩි අදිශ්ඨානයක්, සහ විනයක් තිබිය යුතුමය. එය ඇති කර ගැනීමට ඔබගේ ජීවිතයට මෙම ඇබ්බැහිකම මගින් සිදු වී ඇති වාසි අවාසි හොදින් කල්පනා කර බලන්න. අතීතයේ ඔබේ හිත තිබූ ආකාරය කල්පනා කර බලන්න. පිරිසිදු සිත අදික කාම සිතුවිලි නිසා හැම වෙලේම ගිනි ගනිමින් තියෙන හැටි වටහා ගන්න. සැහැල්ලු ,සුන්දර, සතුටු දායක සිතුවිලි මග ඇරී ඔබ නිතර ඉතා කැලබුන ගිනිගත් හිතකින් ඉන්න බව ඔබටම වටහා ගත හැකි වෙයි.ඒ පිරිසිදු හිතක් ඇති කරගන්න ආස වෙන්න. අපි ඉතා කෙටි ජීවිතකාලයක් තියෙන මිනිස්සු.ඉතින් ඉන්න ටික කාලෙ ඔයාගෙ ජීවිතේ නිසරු දේකට යට කරන එක අපරාදයක්.
ඒ වගේම මේ නිල් චිත්‍රපට වල තිබෙන මවා පෑම් ඔබේ මනස සැබෑ ජීවිතයේදීත් ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු විය හැකියි. එය නොලැබුන විට ඔබ කිසිදිනෙක ලිංගික තෘප්තිමත් බාවයක් ලබානොගන්නවා විය හැක. එවිට පවුල් ජීවිතයේද යම් යම් ගැටලු ඇතිවිය හැකිය.
එමෙන්ම ඔබේ නව නිර්මානාත්මක හැකියාව, චිත්ත ශක්තිය, හිත එකග කරන් වැඩ කරන හැකියාව, පවුලේ අය සමග ජීවත් වන කාලය අඩුවී යයි.මිනිසුන් වන අප ඉතා ඉහල හැකියාවන්ගෙන් යුක්ත අතර මෙවන් කැලබී ගිය හිත් නිසා ඒවා යටපත් වී පවතියි.
මේ ආකාරයට හිතමින් තමන් පිරිසිදු සිතක් ඇතිකර ගැනීමට මෙම ඇබ්බැහිකමෙන් මිදෙනවාමයි අදිශ්ඨානයක් ඇති කර ගන්න.
ඔබ කාමරයට වී මේ දිනවල කිරීමට වැඩක් නොමැතිවීම නිසා මෙම තත්වය වඩා දරුනු විය හැකිය. සිතුවිල්ලක් ආපු ගමන් එයට ඉඩ දී හිතට ඕනෑ විදිහට සිද්ද වෙන්න නොදී ස්වයංපාලනයක් ඇති කර ගන්න. හිතට පා වෙන්න ඉඩ නොදී හිතේ පාලනය ඔබේ අතට ගන්න. ඔබේ ජංගම දුරකතනය, පරිගනකය වෙත එම අවස්තාවේ යන්න එපා, ඒවාගෙන් වහාම ඈත් වන්න.කාමරයෙන් එලියට විත් පව්ලේ අයවලුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්න.වෙනත් කටයුත්තකට, කලා කටයුත්තකට හිත යොමු කරන්න.එම සිතුවිල්ල මග හරින්න. නැවත නැවත සිතුවිලි වද දෙයි. දැඩි අදිශ්ඨානයක් ඇතුව ඒවා මග අරින්න. දවස කාර්‍යබහුල කරගන්න.
ඊලඟ පියවරක් ලෙස ජංගම දුරකතනයේ ,පරිගනකයේ ඇති සියලු නිල් චිත්‍රපට ඉවත් කර දමන්න. ඔබට හැකිනම් antiporn මෘදුකාංගයක් බාගත කරගැනීමෙන් ඒවාට ලගා වීමට ඇති මාර්ග අවහිර කර ගන්න.හැකිනම් අත්‍යවශ්‍ය කටයුත්තකට පමනක් ජංගම දුරකතනය ,පරිගනකය   අතට ගන්න. හිතට සැනසිල්ලක් ගෙනෙන ගීත ඇසීමට, නිල් චිත්‍රපට නොවන අග්‍රගන්‍ය චිත්‍රපට නැරඹීමට කාලය යොදවන්න.. සෑමවිටම දවස කාර්‍යබහුල කරගන්න.
හැකිනම් දින පොතක ඔබේ හිත ලියන්න. සිතුවිලි ලියන්න. පාලනය කරගත් ආකාරය ලියන්න. දවස ඉවර වෙද්දි යම් හෝ ප්‍රගතියක් ඇද්දැයි බලන්න. තත්වයේ වෙනසක් නැත්තන් වෙනස් ක්‍රම අනුගමනය කරන්න. නොහැක්කක් නොමැත.ඔබේ ජීවිතයේ පාලකයා ඔබය.
ඇබ්බැහිවීමකින් එක්වර මිදිය නොහැකිය. එක්වර ඔබට මෙය කල නොහැකි විය හැකිය. නමුත් පසුබට නොවී ක්‍රම ක්‍රමයෙන් ඈත් වන්න.
ඔබට මෙය තනිව කරගත නොහැකිනම් උපදේශන සේවාවක් වෙත යොමුවිය හැකිය. එවිට ඔබේ තත්වය සොයාබලා සකච්චා කර යම් සැලැස්මකට අනුව දීර්ඝකාලීන ක්‍රියාවලියකට යොමුවිය හැකිය. මේ සදහා මැලිවීමක් ඇති නොකරගන්න. ඔබ ඇබ්බැහිවීම අදුනාගත් එක්ත් ඉතා ලොකු දෙයකි. සමාජයේ බොහෝ දෙනා තමන් ඉන්න තත්වයවත් හදුනා නොගෙන මේවා මතම ජීවිත ගත කර නාස්ති වී යයි.
ඔබට ආසන්නම රෝහලේ මනෝවෛද්‍ය ඒකකයෙන් හෝ වෙනම උපදේශන සේවා පිහිටුවා ඇත්නම් එමගින් සහනයක් සලසා ගන්න.
නොහැක්කක් නොමැත.



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 Apr 2020 Mon 10:23 AM