ප්‍රශ්න තොරතුරු

ශරීරයේ බර අඩු කරගන්නේ කෙසේද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.



ශරීරයේ බර වැඩි වීම විව්ද හේතූන් නිසා සිදුවිය හැකියි.අසමතුලිත, ශරීරයට අහිතකර ආහාර රටා,ව්‍යායාම අඩුකම,හෝර්මෝන අසමතුලිතතා,මානසික ආතතිය වැනි හේතූන් මෙයට උදාහරන ලෙස දැක්විය හැකියි.මෙහිදී සමබර ආහාර රටාවකට යොමු වීම්ත් සමගම සුදුසු ව්‍යායාම කිරීමෙන් ඔබගේ ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමානයට වඩා වැය කරන කැලරි ප්‍රමානය වැඩි වීමෙන් ශරීරයේ බර අඩු වේ.අදික තෙල්,පිටි,පැනිරස සහිත ආහාර සුදුසු නොවන අතර ඔබගේ ආහාර වේලට වැඩි වශයෙන් එලවලු ,පලතුරු එකතු කරගන්න.සුදුසුකම් ලත් පෝශනවේදියෙකුගෙන් ඔබගේ බර අඩු කරගැනීමට සුදුසු ආහාර වේල් පිලිබඳව තවදුරටත් උපදෙස් ලබා ගත හැක.එමෙන්ම සුදුසුකම්ලත් ව්‍යායාම උපදේශකවරයකුගෙන් ඔබට ගැලපෙන ව්‍යායාම පිලිබඳව උපදෙස් ලබාගෙන ඒවා නිසි අයුරින් අනුගමනය කරන්න.
මීට අමතරව තයිරොක්සීන් හෝර්මෝන ගැටලු,ඔසප් චක්‍රය සම්බන්ද ගැටලු හේතුවෙන්ද ශරීරයේ බර වැඩි වන නිසා වෛද්‍යවරයකු හමුවී ඒ පිලිබදව දැන ගැනීම හා අදාල පරීක්ශා සිදු කරගැනීම වැදගත්.



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 Apr 2020 Tue 11:32 AM