ප්‍රශ්න තොරතුරු

මට අවුරුදු 25යි. මම තාමත් බයයි.පුසෙක් කැගහුවත් බයයි.ගෙදර තනියම ඉන්නත් බයයි.හැමදේටම බයයි.මේ බය නැති කරගන්නේ කෙසකෙසේද ?

     

හිතවත් පරිශීලකය.

ඔබගේ ගැටලුව අප වෙත යොමු කිරීම ගැන ඔබට ස්තුතියි
ඔබ බොහෝ ශබිද වලට  බයයි කියලා අපිට වැටහෙනවා .  එවැනි බොහෝ දේ අතරේ වැඩියෙන්ම බය මොන වගේ දේවල් වලටද ? 

 ඒ වෙලාවට හිතෙන දෙවල් මොනවාද කියලා හිතලා බලන්න . ඒ ඇයි කියලා ඔබගෙන්ම පිළිතුරක් ගන්න කියලා මා යෝජනා කරනවා . 

ඒක දිගින් දිගටම ප්‍රශ්න කරන්න . උදාහරනයක් විධියට ගත්තොත් ඔබ තනියම ඉන්න බයයි නමි  ඒ ඇයි ? 

 එහෙනමි  ඒහෙම හිතෙන්නේ ඇයි ?. ඒ වෙලාවට ඔබගේ හිතේ  මැවෙන රෑප ටිකක්  තියෙනවනේ .  ඒවා කවදා හරි දැකපු ඒවාද ? අහපු ඒවාද ? කවදාද ? කොතනකද ? යන ආකාරයෙන් ඔබට දැනෙන හැගීමට සමිබන්ධ අතීත හැගීමි තවත් තිබෙන්නේ දැයි විමර්ශනය කරන්න. 

ඔබට අවංකව අවශ්‍ය භයද නැතිනමි නිර්භයද ?

බොහෝ විට අපට දැනෙන හැගීමි (භය කියන්නේද හැගීමක්ය) පුරැද්දකට දැනෙන බව ඔබ අත්දැකලා ඇති. නමුත් මීට කලින් භය දැනුන දේවල් වලින්ද මා ඉහත * ඒහෙම හිතෙන්නේ ඇයි ? කියන ප්‍රශ්නෙට ඔබගේ හිතෙන් ලබාදුන් පිලිතුරෙන් ඔබ බලාපොරොත්තු වූ දේ වුනේ නැහැ නේද ?  නමුත්  ඔබගේ හිත පුරැදු කරන යමක්  හෝ හැගීමක් ,  එය පුරැද්දක් බවට පත්වනවා.  ඔබට එය ඉටුකරදිය යුතු බවට හිත හදුනාගන්නවා.   හිත අපිට හරිම හිතවත් . ඒ හිතම තමයි මම කියලා අර්ථ දක්වාගන්නේ.  ඒක හිතලා හිත දිහා බලාගෙන විමර්ශනය කරන්න පුලුවන්.* ඒක සංයම අභ්‍යාසයක් . එහෙම කරන බව හිත දැනගත්තම හිත සංසුන් වෙනවා.   

ඇත්තටම පූසා කියන්නේ ගෙවල් වල හුරතලේට හදන සතෙක් කියලා බලන්න උස්සාහ වෙන්න. හැකිනමි කුඩා පූස් පැටියෙක් , බලු පැටියෙක්  , දරැවෙක් හදනව වගේ ආදරෙන් හදන්න.  ඔබ නිවසේ තනියම ඉන්න වෙලාවට ඔබට තනිකමක් දැනෙන එකක් නැහැ.  

අපගේ පිලිතුරෙන්ඔ ඔබ ට වැදගත්බ යමක්ට ගතහැකියැයි අප විශ්වාස කරන්නෙමු .

 තවත් ගැටලු ඇත්නමි යෙහෙලි වෙත යොමු කරන්න.  

ඔබට සුබ දවසක්.

යෙහෙළි



 

ප්‍රශ්න අසනු ලබයි 21 Apr 2020 Tue 10:55 PM