jeewithe epa wela thiyenne
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ජීවිතේ විනාස වීම ඔබේ ආකල්පයයි. එම ආකල්පය වෙනස් කරගන්න. මේ ලෝකේ ජීවත්වන බොහෝ පිරිසකට වඩා ඔබ වාසනාවන්තයි. දරුවන් නොමැති දස දහස් කාන්තාවන්ට අහිමි වී ඇති වාසනාවක් ඔබට හිමිවී ඇත. මේ දරුවාට ආදරය, කරුණාව, සතුට, රැකවරණය ලබා දීම ඔබට වගකීමක් පමණක් නොව, ඔබට හිමිවී ඇති වාසනාවකි. ජීවිතේට ධෛරුයමත්ව අප සියල්ල මුහුණදිය යුතුය. ඔබට මනෝවෛද්‍ය උපදේශනය සඳහා පහත ආයතනය විමසන්න.
ආලෝකය කවුන්සලින් සෙන්ටර්
37/27, බුලර්ස් ලේන් , කොළඹ 7
Tel: +94 2 584 157 ext. 162
E-mail: badra@fpasrilanka.org
Ms Hema Ranawake
Tel: + 94 2 555 455 ext. 163
E-mail: hemar@fpasrilanka.org
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.