ප්‍රශ්න තොරතුරු

වෛද්‍ය තුමනි මට ලොකු ගැටලුවක් මම  සේක් කරද්දි අපිට සුක්ක්‍රණු  පිටවෙනවා ඵත් මගේ බිරිදට සුක්ක්‍රණු පිට වෙන්නැලු එයා එකෙන් සතුටු වෙනවද කියලා ගැටලුවක් කොහොමද මම දැනගන්නෙ ඒයාට ගියාද කියලා මැමල හිමිට ඇලුවොත් ඒයාට සුක්ක්‍රණු පිට වෙනවද කියලා බලා ගන්න පුලුවන්ද මම නිල් විඩියො වල දැකලා තියෙනවා ගැණුන්ට අපිට වගේ සුක්ක්‍රණු  පිටවෙනවා මට හරියටම දැනගන්න ඔන මෙක කොහොමද වෙන්නේ කියලා

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුලින්ම ඔබේ බඩේ අපහසුව ගැන කතා කළොත් එය පවත්නා කාල සීමාව, මලපිට කිරීමේ අපහසුව වැනි තත්ත්ව තිබේදැයි සදහන් කර නෑ. තවද ඔබගේ කෑම ගැනීමේ ප්‍රියතාවයද මෙහිදී වැදගත්. කෙසේ වෙතත් ඔබට කෑම අරුචිය, මලබද්ධ තත්ත්වය වැනි අපහසුතා සමගින් බඩේ අපහසුව පවතී නම් ඒ සදහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් තත්ත්වය පහ කර ගත හැකියි. තවද ඔබ ප්‍රතිකාර ලබා ගන්නා තෙක් බර ආහාර ගැනීමෙන් වළකින්න. දිරවීමට පහසු ආහාර, කොළපැහැ එළවලු, කහපාට පළතුරු, මිරිස් අඩුවෙන් දැමූ ආහාර, තෙල් අදුවෙන් දැමූ ආහාර භාවිතයට යොමුවන්න. නිතරම මද උණුසුම් ජලය පානයත් ඉතා වැදගත්. එසේම අන්නාසි, අච්චාරු, බලමාලු, තක්කාලි වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.

ඔබේ ලිංගික අකමැත්තක් පිළිබදව සදහන් කත තිබුණා. එසේ වීමට හේතුව මුලින්ම සොයා ගැනීම වැදගත්. ඔබට ලිංගිකව එක්වීමේදී දැඩි වේදනාවත්, ලිංගිකව එක්වීම ගැන සිතද්දී පවා අකමැත්තක් ඇතැයි සදහන් කර තිබුණා. මෙයට ප්‍රධාන වශයෙන්ම ඔබේ මානසික චංචලත්වය බලපානවා. ඔබ මුලින්ම ඔබේ සිතේ ලිංගිකව එක්වීමට කැමැත්තක් සාදා ගන්න. ඉන්පසු ඔබේ සැමියා සමග ඒ පිළිබදව සාකච්චා කරන්න. ඔබට පහසු ඉරියව් ආදිය පිළිබදව. ඔබ දෙදෙනාම එසේ මානසික සූදානම් වූ විටෙක ලිංගිකව එක්වන්න. එසේ උත්සාහ කර එයද ව්‍යර්ත වුවොත්, ඉබ දෙදෙනාම සුදුසුකම්ලත් මනෝඋපදේශකයෙක් හමුවී උපදෙස් ලබාගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 May 2020 Sat 8:57 AM