< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ඇස් වටේ කලු වෙනවට මොකද කරන්න පුළුවන්

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇස් වටේ කලු වීමට හේතු කීපයක් තිබෙන්නට පුලුවන්. ඒවා නම් වැඩිපුර හිරු එළියට නිරාවරණය වීම, පෝෂණය මද වීම, පාවිච්චි කරන ක්‍රීම් වර්ගය මුහුණට සුදුසු නොවීම යනාදිය ප්‍රධානයි. මුලින්ම ඔබ මේ හේතුව කුමක්දැයි සැලකිලිමත් වන්න. මුහුණට සැර අඩු ෆේෂ්වොෂ් එකක්, ක්‍රීම් එකක් භාවිතා කරන්න. මෙහිදී ඔබේ සම වියළි/ තෙල් සහිත/ සාමාන්‍ය යනාදී වර්ග වලින් කුමක්දැයි නිවැරදිවම තෝරා ගෙන පාවිච්චි කරන්න. ඔබ නිතරම වතුර බොන්න. සමබල ආහාර වේලක් ආහාරයට ගන්න. ඒ වගේම ඔබ රාත්‍රී මුහුණු ආලේපයක් (නයිට් ක්‍රීම්) පාවිච්චි කරනවා නම් පිග්මන්ටේෂන් සහ කලු ලප ඉවත් කරන ස්වභාවික ශාකසාර අඩංගු නිෂ්පාදන වලට යොමුවන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 May 2020 Sat 12:42 PM