ප්‍රශ්න තොරතුරු

මගේ බබාට අවුරුද්දයි.එයා කිරි බොනකොට වගේම රෑට නිදගන්නකොට දාඩිය හුගක් දමනවා.සමහර වෙලාවට.ඒක සමාන්‍ය දෙයක්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සමහර විට පමණක් මෙසේ සිදු වන්නේ බොහෝ විට ඔබේ නිවසේ පවතින උණුසුම් තත්ත්වය නිසා විය හැක.  ඔබේ ප්‍රදේශය අනුව මෙන්ම නිවෙසේ ඇති තත්ත්වයන් වුවද මෙය වෙනස් විය හැක . සාමාන්‍ය අධික ලෙස නිතර දහඩිය දමයි නම් එය යම් කායික රෝගී තත්ත්වයක් විය හැක නමුත් ඔබගේ විස්තරයට අනුව එසේ සිතීමට ඇති හැකියාව ඉතා අඩුය. 

පරිවෘත්තීය ක්‍රියා වේගයෙන් සිදුවන විට දහඩිය දැමීම සාමාන්‍ය දෙයකි අප ව්‍යායාමයක් සිදු කරන විට වැඩිපුර ආහාර ලබා ගත් විට සාමාන්‍යයෙන් දහඩිය දැමීම සිදුවේ.

 බොහෝවිට අධික උණුසුම  නිසා සිරුරෙන් අධික ලෙස දහඩිය දැමීමක් සිදු වීමේ ඉඩ ඇත 

ඔබට  අවශ්‍යනම් ලගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයට ගොස් දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඒ අවස්ථාවේදී අවශ්‍ය නම් පරීක්ෂාවන් පරීක්ෂාවන් ද කර බැලිය හැක. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 May 2020 Sat 8:40 PM