ප්‍රශ්න තොරතුරු

dr mama nendamma gena lagakadi prashnayak yomu kala.ekata lebuna reply eka anuwa unna sithuwath eya magen wenne ne.mama eyage amma ekka hodata katha karanawa.eyata 50yrs.adum ehema adinne godak kotata.kota sayawal ehema adagena boy ekka yanakota thamai mata kenthi yanne.mawa ganan ganne ne wage deyak denenawa mata.mata adare ne wage denenawa eya amma ekka innakota

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

හිතවතිය ඔබේ ගැටලුව පැහැදිලියි. ඔබ, ඔබේ සැමියා, ඔබේ නැන්දම්මා ගත් කල තිදෙනෙකි. ඔබ තිදෙනා එකිනෙකාට වෙනස්‍. ඔබ මුලින්ම තේරුම් ගතයුත්තේ එයයි. අනික් හැමදෙනාම ඔබ වගේ නෙවෙයි. මුලින්ම විවාහයෙදී එම වෙනස තේරුම් ගත යුතුයි. ඔබ ඔබට ගැළපෙන විදිහට ඇදුම් පැළදුම් කලත්, තවත් අයෙකුගේ ඒවා ඔබෙන් වෙනස් විය හැකියි. ඔබ ඔබම වන්න. අනිත් අයට ඔවුන් වීමට ඉඩ හරින්න. නැන්දම්මා අදින පළදින විදිහ ඔබ ගැටලුවත් කර නොගන්න. ඇයට ඇයගේ නිදහස භුක්ති විදීමට ඉඩ දෙන්න.  ඔබ දෙදෙනා හැකිනම් වෙනත් නිවසක පදිංචි වන්න. එවිට ඔබගේ මානසික තත්වය ඇය නොදැක සිටීමෙන් යහපත් වනවා ඇත. ඔබ සිතන ආකාරය වෙනස් කරගැනීම අවශ්‍යයි. ඔබේ සැමියා ඔබ සමග දක්වන සම්බන්ධතාවය, ඔහුගේ මව සමග නොදක්වයි. ඔහු ඔව්පියන් සමග කතාබහ කිරීම ප්‍රශ්නයක් කර නොගන්න.

ඔබ අනිත් අය දෙස සැකයෙන් නොබලන්න. එවිට නැති ප්‍රශ්න ඇතිවිය හැකි බැවිනි. නිවැරදිව තේරුම් ගෙන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න නිරතුරුව උත්සහ කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 May 2020 Sun 10:20 AM

අදහස්