ප්‍රශ්න තොරතුරු

ඩොක්ටමන් බදින්න ඉන්න කෙනා කරන්නෙ වෑල්ඩින් වැඩ.ඉතින් ඩොක්ට එයා හුගක් මහන්සි වෙනවා දවස තිස්සෙම හිට ගෙන ඉන්නවා.එයා වැඩ කරන්නෙ එයාගෙම ගෙදර.ඉතින් මේ දවස් වල හුගක් වැඩ වැඩි නිසා එයා කෑම කාලා ටික වෙලාවක්වත් ඉන්නෙ නෑ.ඉස්සර නම් පැය භාගයක් කාලා ඉන්නවා.දැන් එයාගෙ හවසට කකුල් දෙක  හොදටම ඉදිමෙනවා.ඒ ඇයි ඩොක්ට

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඕනෑම කෙනෙක් දිනය පුරාම සිටගෙන සිටිනවිට ශරීරය තුළ පවතින තරල පාදවල එක්තැන් වීම නිසා කකුල් ඉදිමීමට පුලුවන්. එය සරලම පැහැදිලි කර දීමකි. මෙසේ දීර්ඝ කාලීනව සිටීමෙන් තව තවත් සංකූලතා මතු විය හැකියි. එනිසා වෛද්‍යවරයෙකු ලවා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම මුලින්ම කල යුතුයි. ඊට අමතරව රැකියාව කරන අතරතුර මද හෝ වේලාවක් එනම් විනාඩි 10ක් පමණවත් හිදගෙන සිටීම ආදිය කල හැකියි. තවද සමබල ආහාර වේලකට යොමු වීමද කල හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 04 May 2020 Mon 9:46 PM

අදහස්