ප්‍රශ්න තොරතුරු

මගේ සහකරුවා  මාටකියනවා මම ස්වංවින්දනය කරනකොට යන එව බලන්න ආසයි කියලා.ඉතින් මට එහෙම කරනකොට යන්නේ මූත්‍රා ඩොක්ටර්.ඇයි එහෙම වෙන්නේ.ඉතින් මම කොහොමද මගේ සකරුවාට ඒ දේ කියන්නේ.මම ගොඩාක් මානසිකව වැටිලයි ඉන්නේ.මේකට විසදුමක් කියන්න

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ගැහැණු අයෙකු ස්වයංවින්දනයකදී හෝ ලිංගිකව එක්වීමකදී සුරාන්තයට පත්වීමේදී යෝනිමාර්ගයෙන් තරලයක් පිටවේ. සමහර අවස්ථා වලදී මූත්‍රලිංගික අවයවය සංවේදනය වැඩි වීමෙන් මූත්‍රා වුවද පිටවිය හැකියි. යමෙක්ට මේ සමග මල වුවද පිටවිය හැකියි. මෙය සාමාන්‍ය තත්වයකි. මෙය පුගලයාගෙන් පුද්ගලයාට වින්දනයේ ප්‍රමාණයට වෙනස් වේ. එනිසා මෙය ඔබේ සහකරුවාට පැවසීමට චකිතයක් ඇති කර නොගන්න. මෙනිසා මානසික ලීඩනයකට ලක් වීම අවශ්‍ය නෑ. 

නොසගවා ඉබේ සැමියාට මෙය පවසන්න. ඔබ ඔහු ඉදිරියේ එසේ හැසිරෙන්න. එය සාමාන්‍ය තත්ත්වයකි. වැඩිශුර උපදෙස් අවශ්‍ය නම් මේ පිළිබදව ඔබේ වෛද්‍යවරයා/ වරිය සමග සාකච්චා කර ගැනීමටද හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 8:44 AM