< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මගේ කිහිලි ගොඩක් කලුයි අනේ ඒකට ගාන්න මොනා හරි කියන්නකෝ.. තව ඒ හරියෙ පොඩි ඉන්නොත් ඉන්නවා. මූනෙත් තැනින් තැන ඉන්නෝ ඉන්නවා. ඒවා පුච්චන්න බෑ. මූණටම ඇලිලා වගේ පොඩියට තියෙන්නේ. ඒවා නැති කරගන්න ගාන්න මොනවා හරි දෙයක් කියන්නකෝ

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කිහිලි වඩාත් කලු වීමට බාල වර්ගයේ රේසර් වලින් කිහිලි වල ඇති රෝම ඉවත් කිරීම මෙන්ම බාල වර්ගයේ ඩියෝඩ්‍රන්ට් භාවිතයද හේතු වේ. 

එනිසා ඔබ මුලින්ම රෝම ඉවත් කරන රේසරය පිළිබද සැලකිලිමත්වන්න. රෝම ඉවත් කලපසු දෙහි ලෙල්ලකින් කිහිලි අතුල්ලා පිරිසිදු කර ගන්න. එසේම ඉතා හොද ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරන්න.

තවද ඉන්නන් මුහුණේ සහ ඉකිළි වල සිටින බවක් පවසා තිබුණා. ඉන්නන් සදහා ඉතා හොද ප්‍රතිකාර ආයුර්වේදයේ පවතී. එනිසා ඉන්නන් පිලිස්සීමෙන් තොරව අයින් කරවා ගැනීමට ඔබේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර, ප්‍රතිකාර ලබා ගන්න. මීට අමතරව හැකිතරම් ජලය (දිනකට ප්‍රමාණවත් ජලය) පානයට හුරුවන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 2:18 PM