ප්‍රශ්න තොරතුරු

dr mage akka wiwahakai.aya wiwaha uye 18yrs.den wayasa 26i.ayata awrudu 5ka daruwek siti.semiya samaga mul kalaye itha sathutin siti athara den ese netha.ohu math drawyada bawitha netha.itha kadisarai.mudal hamba karai eheth ohu eya nisi kalamanakaranayak nometha.niwase weda katauthuda akka athin siduwei.ayata awrudu 4ka pamana sita oluwe kekkumai thiyenawa.wedipura kalapana karaddida meya siduwenawa.nitharama kenthi yanawa.semiyatada baninawa ohu wachanayak ho kiyanne ne.akka garment yanawa.aya godak lassana athara semiya ese netha ohuge pirisidukamakda ne.akka pilibadawa nitharama seka karanawa.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කියා ඇති කරුණු අනුව ඔබේ සහෝදරියගේ විවාහ ජීවිතයේ පවතින අඩුපාඩුවක් නිසා ඇය දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවක් පෙනේ. ඇය ආයතනයක සේවය කරන බවද පවසයි. ඇයට එම ආයතනයේ වැඩ, නිවසේ වැඩ, දරුවාගේ වැඩ ආදී ලෙස වැඩ අධිකය. ඒවාට උදවු කිරීමට සැමියාව පොළඹවා ගැනීම වැදගත්.

තවද ඇය ලස්සන බවක් පවසා තිබුනා. සැමියා අපිරිසිදු බවක්ද ඔබ කියා තිබුණා. ගැහැණියට අවශ්‍ය ලිංගික ජීවිතය එවැනි අපිරිසිදු අයෙකුගෙන් ලබා ගන්නට බෑ. එනිසා ඇය දැඩි පීඩනයකට ලක්ව තිබෙන්නට පුලුවන්. මෙනිසා ඔබ ඔබේ සහෝදරියට සැමියාගේ පිරිසිදුකම පවත්වා ගැනීමට යොමු කරවීම ඉතා වැදගත්. තවද ඔබේ සහෝදරිය සමග සාකච්චා කොට සැමියා සහ බිරිද යන දෙදෙනාම මානසික උපදේශනය සදහා දැන්ම යොමු කරවීම වැදගත්.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 7:05 PM