ප්‍රශ්න තොරතුරු

මගේ වයස අවුරුදු  24 වන අතර උස5'6" පමණ වේ. මගේ බර 66kg වේ. මා හට උපතින්ම දණහිස් පූට්ටු වීමේ රෝගයක් පවතින අතර මේ නිසා දණහිස් පැනීම් වලට නිරතුරුවම ලක් වේ.මේ හේතුවෙන් මගේ බර අඩු කරගැනීමට අවශ්‍යව ඇති අතර, කිසිදු බෙහෙතක් සඳහා මා හට ආසාත්මිකතාවයක්ද නොමැත. බර අඩු කරගැනීම සඳහා බෙහෙතක් නිර්දේශ කල හැකිද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මුලින්ම කල යුත්තේ වෛද්‍යවරයෙකු ලවා ඔබගේ රෝග තත්ත්වය පරීක්ෂා කර ගැනීමයි. ඉන්පසු එයට අදාළ නියමිත ප්‍රතිකාර ලබා ගන්න.

ශරීරය නොබලා බෙහෙතක් නිර්දේශ කළ නොහැක. එනිසා වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම ඉතා යෝග්‍යයි. ඔබ කෑම පාලනය, ජලය වැඩිපුර පානය කිරීම ආදී දේ පුද්ගලිකව හුරුවීම ඉතා වැදගත් වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 May 2020 Thu 2:39 PM

අදහස්