< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

බබා ලැබී දැනට අවුරුද්දයි.මාගේ පියයුරු පහතට එල්ලා වැටේ.ඈදී ගිහින් වගේ.මා හට එය පෙර තත්වයට ගත නොහැකිද?(එල්ලී නොවැටී පෘශ්ටිමත්ව)මා කල යුත්තේ කුමක්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

හැකියි. පෙර තිබූ තත්ත්වයටම නැතත් පෘෂ්ටිමත් කර ගත හැකියි. මේ සදහා ඔබ දරුවාට කිරි නොදෙන සෑම විටකම බ්‍රා එකක් පළදින්න. එය ලිහිල් නොවිය යුතුය. තවද ඔබගේ පියයුරේ ප්‍රමාණයම විය යුතුය. රාත්‍රියටද බ්‍රා එක පළදින්න. තවද පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලවා දරුවාගේ බර ආදිය පරීක්ෂා කර, නියමිත කාලයේදී අනිකුත් ආහාර සදහා දරුවා යොමු කරවන්න. එවිට ඔබගේ පියයුරු පෘෂ්ටිමත් කර ගත හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 May 2020 Fri 3:13 PM