ප්‍රශ්න තොරතුරු

mage sahodaraya blue films walata gdk abbahi wee atha.. ohuta thawamat awrudu 14ki.. pasale wada sambandawa kisi unanduwak dakwanne natha..  gerdata awastha kihipayakadi ahu unat ohuta eya ganakwat natha.. mage amma me nisa godak duk widinawa.. ohuta prathikara kirimata manasika waidyawarayakuge number 1k denna puluwanda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ ගැටලුව පැහැදිලියි. මේ සදහා ඔබ සහ මව එක්වී අනිවාර්‍යෙන්ම් ඔහු මනෝඋපදේශකයෙක් හෝ මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්න. එවිට නිසි උපඩෙස් හා පෙඅතිකාරයන් ක්‍රමානුකූලව ලබා ගත හැකියි. ඕනෑම රජයේ රෝහලක මනෝවෛද්‍ය සායනයක් පවතී. එයට යොමු වීම ඉතාමත් යෝග්‍ය වේ.

තවද ඔබේ මව ආතතියකට පීඩනයකට ලක්ව සිටින බව පවසා තිබුණා. මෙවැනි වයසකදී පිරිමි දරුවන් මෙවැනි අසාමාන්‍ය ක්‍රියාකාරකම් වලට යොමු වන අවධියක්. මෙනිසා මව කලබල දිය යුතු නැත. මව නිතර එම පිරිමි දරුවාට බනින්න, ගහන්න යන්න එපා. එවිට මේ තත්ත්වය වැඩි විය හැකියි. එනිසා ඔහුව මනෝඋපදේශකයෙක් හෝ මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමයි කළ යුත්තේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 May 2020 Wed 12:04 PM