ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මම ගොඩක් කෙට්ටු කෙනෙක් peritol tablet එක ගත්තාම බඩගිනි වෙනවා ඒක පාවිච්චි කරන්නගත්තට පස්සෙ මගෙ බර 2 kg පමණ වැඩි උනා ඒත් ඒ tablet එකට ගොඩක් නිදිමත එනවා..ඒක use කරන්න හොද නැද්ද..

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම පෙති වර්ගය භාවිතා කරන බව පෙනී යනවා. මුලින්ම ඔබ ඔබේ වෛද්‍යවරයා/ වරිය හමුවී ඔබේ ශරීරය පරීක්ෂා කර ගත යුතුයි. ඉන්පසුව ඔවුන් නිර්දේශ කරන පෙති වර්ගයක් පමණක් භාවිතා කරන්න. ඔබ හිතුමනාපෙට බෙහෙත් වර්ග පාවිච්චියෙන් අසාත්මිකතා රැසක් හටගත හැකියි. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 May 2020 Thu 2:06 PM

අදහස්