ප්‍රශ්න තොරතුරු

dokta mage jivithe kala kirila inne.mata me welawe dokta kenekge pihitak awashayi.eth mata me dewal thaniyama karaganna be.mata hodai kiyala kisima deyak lebila ne.mata hoda mahatthyek lebune ne dokta mage jivithe vinasa una.dokta kiyanna man me hithana vidiha weradida.man hithana vidihata mahatthya hithanne ne dokta.man game kellek nitharama mata hithenne.mery karanna kalin lingikawa eka vima weradri kiyala.thamange birida iddi wenath genu ashre kirima godak weradei kiyala .minissunta  ega penna genu edan yana eka weradei kiyala.ganikawo salli walata ega vikunana eka wearaddak kiyala. wesa genu mata penna be.man me dewal weradei kiyala hithanakota mahatthya hithanne eke anith pettha eya hithanne mewa werade nemei kiyala.mahatthya naraka de dakinne hoda vidihata.ganikawaku mai eka laga thiboth eya tora ganne mawa nemei ganikawa dokta.mam hema dema iwasagena mage pathiwatha reka gena mahatthya wenuwenmai inne eth eya ehema ne.eyata magen hodin wedak ne dokta.mata ona adare  mahatthyata ona kata hari kiyala lingika ashaws ishta karaganna vitharai dokta.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇත්තටම දරුවො මෙතන තියෙන්නෙ ඔයාගෙ හිතන විදිහෙ ප්‍රශ්නයක්. පතිවත කියන සංකල්ප වල එල්ලිලා ඉන්න එපා. ඔයා හිතන්නෙ හරිම අතීතකාලෙ විදිහට. ඔයා එහෙම නොවුනත්, එහෙම කරන අය මේ ලෝකෙ ඉන්නවා. ඒවා ඔයාට ඕනි විදිහට වෙනස් කරන්න බෑ. මුලින්ම ඒක තේරුම් ගන්න.

ඔබේ මහත්තයා වැරදි නෑ. එයා විවෘතව හැමදෙයක්ම දකින කෙනෙක්. ඔබ මේ කිව්ව විස්තර වලට අනුව. ඔයා සහ ඔයාගෙ මහත්තයා කියන්නෙ දෙන්නෙක්. ඔයා ඒකත් තේරුම් ගන්න. ඔයා කැමති දේවල් වලට එයා කැමති වෙන්න ඕනි නෑ. ඔයා හිතන විදිහට එයා හිතන්නත් ඕනි නෑ. එයා වෙනම මනුස්සයෙක්. තමන් තමන්ගෙ වැඩ කරන ගමන් පවුල් ජීවිතේ සමබරව අරන් යන්න ඕනි. ඒත් දෙන්නම හිතන විදිහ එක සමාන වෙන්න ඕනි නෑ. එහෙම වෙන්නෙත් නෑ. ඔබ මුලින්ම මේ දේවල් අවබෝධ කරගන්න.

පිරිමින් කියන්නේ ගැහැණුන්ට වඩා ලිංගිකා ආශාව වැඩි පිරිසක්. ඔවුන් තමන්ගේ බිරිදගෙනුත් ඒ දේවල්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ සැමියා ඔබ කෙරෙහිම තියා ගන්න ඔබ ලිංගිකව සක්‍රිය වන්න. ඔබයි වෙනත් ගැහැණියකුයි අතරින් කෙනෙක් තෝරා ගද්දි, ඔබේ ලිංගික ක්‍රියාකාරකම් වැඩි නම් අනිවාර්‍යෙන්ම ඔබේ සැමියා ඔබව තෝරා ගනීවි. 

ඉතින් එකිනෙකාගේ පවතින මේ වෙනස්කම් හදුනාගෙන ඔබ ඒවා අනුව හැඩගැසෙන්න. ඔබ හිතන ආකාරයට අනික් අය සිතිය යුතු නැත. ඔබ කැමති දේට අනිකා කැමති විය යුතු නැත. ඔබ මේ දේවල් තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙන්න. එවිට ජීවිතය සුන්දර වේවි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 May 2020 Wed 12:34 PM

අදහස්