ප්‍රශ්න තොරතුරු

verging testing  සෑම ප්‍රසව හා නාරිවෙදී doctor  කෙනෙක්ම සිදු කරනවද...යෝනි මාර්ගයේ ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන්ම හමු විය යුතුද.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සෑම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක්ම එවැනි ආකාරයේ පරීක්ෂාවන්  සිදු කරන්නේ නැත . එක්  එක් වෛද්‍යවරයාගේ විෂය පථය හා  රුචිකත්වය මත මෙන්ම වෘත්තීය සීමාවන් අනුව මෙවැනි පරීක්ෂණ සිදු කරන අතර ඒවා සඳහා වෛද්‍ය වාර්තා ලබාදීම සිදුකරයි. නමුත් ඕනෑම නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු සතුව මෙවැනි දෙයක් පරීක්ෂාකර බලා නිගමනයක් ලබා දීමේ හැකියාව පවතී 

 එය බොහෝ විට රජයේ රෝහලක දී සිදු කර ගැනීමේ ක්‍රියා පටිපාටිය දීර්ඝ එකක් විය හැක .

නමුත් පෞද්ගලික රෝහලක දී ඔබට එය පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව තිබේ 

යෝනි මාර්ගයේ ඇති හැම ගැටළුවකටම  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු හමුවිය යුතු නැත.  ඒවා ඔබ ට බලපාන ආකාරයේ මත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සුදුසු යෑයි හැඟේ නම් පමණක් එවැනි වෛද්‍යවරයකු වෙත යොමු වීම උචිතය . සමහර දේවල් ස්වභාවයෙන් ම යථා තත්ත්වයට පත් වන අවස්ථා ද තිබේ 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 May 2020 Thu 7:03 AM

අදහස්

circle

නිර්නාමික

24 May 2020 Sun 4:02 PM

ස්තූතියි ඔබට.පිලිතුර ගැන සෑහීමකට පත් වෙමි.