ප්‍රශ්න තොරතුරු

මා අවුරුදු 25 ක තරැණියකි.මම උසස් අධ්‍යාපනය හදාරන අතර මට ඒ සදහා අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් නොමැත.මට අධික ලෙස කෝපය ඇති වේ.මට මැරෙන්න තරම් සිතේ.මා නිතරම නිවසේ අය සමඟ රණ්ඩු ඇති කර ගනී. මා අවුරුදු 21 දී ගබ්සාවක් කර ඇත.මට එය නිතරම සිතට වදයකි.මට ආදරය කරන්න ද සිතෙන්නේ නැත.හැම කෙනා ගැනම මට සැකයක් ඇත.මට මගේ කන්‍යා පටලය නැවත සකස් කර ගැනීමට අවශ්‍්‍යයි.මට ඒ සදහා අවශ්‍ය නිවැරදි වෙද්‍ය උපදෙස් ලබා දෙන්න.සහ මනෝ වෙදෘ උපදෙස් අවශ්‍ය යි

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ සඳහන් කර ඇති බොහෝ තත්වයන් වලට හේතුව මනෝ ව්‍යාකූලභාවය කි . අතීතයේ සිඳු වූ මානසික අනතුරුදායක තත්ත්වයක් නිසා ඔබ ට සාංකාව මෙන්ම දැඩි මානසික ආතතියක් සහ කෝපය ඇති වේ . 

ඊට හේතුව ඔබ ගබ්සාවක් කර තිබීම සහ කන්‍යා පටලය අහිමි වීම විය හැක නමුත් ඒවා අතීතයට අදාළ සිදුවීම් පමණි ඒවා අමතක කර දමා ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන අයිතිය අයිතිය මෙවැනි දෙයක් සිදු වූ ප්‍රථම කාන්තාව බව ඔබ නොවිය කෝප නොවී එවැනි සිදුවීම් සමාජයේ බහුලව දැකිය හැක නමුත් ි නමුත් සිදු කළ යුත්තේ අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරගෙන ඒවා අමතක කර දමා ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යාමයි.

ඔබ ට අවශ්‍ය නම් කන්‍යා පටලය නැවත  සාදාගැනීම ශල්‍යකර්ම පෞද්ගලික රෝහලකදී සිදු කරගත හැක .  ඒ සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු හමු විය හැක . 

ඊට වඩා ඔබට වැදගත් වන්නේ නිවැරැදි මනෝ උපදේශන සේවාවක් සේවාවක් ඒ සඳහා පෞද්ගලික අංශයේ හෝ රජයේ රෝහලක විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමු වී මේ ප්‍රශ්නය කතා කිරීම උචිතය . 

ඔබට  ලබා දෙන උපදෙස් අනුව මෙම ප්‍රශ්නය ඔබට අමතක කර දමා ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට  උපදෙස් ඔවුන් විසින් ලබා දෙනු ඇත . 

ජීවිතයේ වැරදි ඕනෑම අයෙකු අතින් සිදුවන න වන නමුත් ඒවා අප ඉදිරියට ගෙන යා යුතු නැත ඒවා මත ජීවත්වීම ද නොකළ යුතුය තමන්ගේ පවුලේ අයට හිතවතුන්ට ආදරයෙන් යුතුව කටයුතු කරන්න.  එවිට බොහෝ  ගැටලුවලට පිළිතුරු සහ උදව්  ලැබෙනු ඇත 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 May 2020 Sun 9:15 AM

අදහස්