ප්‍රශ්න තොරතුරු

 මගේ දියනියට අවුරුදු  5ක් සම්පුර්ණ  වෙනවා මේ අවුරුද්ද  අවසානයට.මේ දියනිය  පමනයි අපට දැනට සිටින්නේ.ඇය  නිරෝගී  දරුවෙකු ලෙස ඉපදුනා වගේම මේ දක්වා ක්‍රියාශිලිව ,කඩිසරව සාමනය ක්‍රියාකාරකම්  කරනවා.නමුත් සාමනයෙන්  හොදින් හැදි වැඩුනු දරුවෙක් සේ  හොදින්  කතා නොකරයි තවමත්.අපි පුහුණු  කරන දේවල් ඇය අල්ලගෙන වචන කියනවා.සමහර කියන දේවල් අමුතුම වාග් ශ්‍යිලියක්.වචන් 3,4 ගලපලා ඇයට සාමනය දේවල් කියන්න මේ වෙද්දී පුලුවන්.ඇය හිතලා දේවල් කියන්නේ නැතිම තරම්.පුරුදු  වු වාක්‍ය  කොටස් කියනවා.අපි ජීවත් වන්නේ විදේශ රටක,මේ රටේ පෙර පාසල් ඇය යන්නේ.අපි නිවසේ කතා කරන්නේ සින්හල බාශාව. මේ තත්වය දරුවාගේ  සාමාන්‍යය  දරුවෙකු ලෙස හැරවීමට හැකි වේවීද,කොපමන කාලයක් ගත වේවීද?නැත්නම් මෙය මොලයේ වර්දනයක් නොවීමක්ද?අප දේමාපියන් විදියට කල යුත්තේ කුමක්ද?මේ ගැන ඔබගේන් කාරුණිකව  පිලිතුරක්  බලාපොරොත්තු  වෙමි.ඔබගේ මේ ස්වෙච්ඡා සේවාව ඉමහත් සේ අගය කරමි .

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 5ක් පමණ වන විට දරුවාට හොඳින් වාක්‍යය ග්ලපා අදහස්  ප්‍රකාශ කිරීමේ හැකියාව තිබිය යුතු ය . 

ඔබේ ස්තරය අනුව පෙනෙන්නේ දරුවාගේ කථන අංශයේ වයස ට අනුව  වර්ධනය අඩු වීමක් . මෙය ඔබ නිවසේ දී ප්‍රතිකාර කිරීම හෝ පුහුණු කිරීම නොකළ යුතු තත්ත්වයක් . 

ඔබ කළ යුත්තේ දරුවා ව දරුවා ව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හරහා විශේෂඥ  මනෝ වෛද්‍ය  වරයෙකුට හා  කථන පුහුණු උපදේශක වරයෙකු වෙත යොමු කරවා ප්‍රතිකාර ලබා දීමයි . මෙය කාලය සමග ම බොහෝ විට ක්‍රමානුකූලව නිවැරැදි කරගත හැකි තත්ත්වයක් විය හැක . 

දරුවා වෙනත් භාෂාවක් හැසිර වන රටක සිටින විට යම් ආකාරයක භාෂාවේ ව්‍යාකූලත්වයකට පත් වීමත් වීමත් සිදු වී තිබෙන්නට පුළුවන . නමුත් විවිධ චිකිත්සා  ක්‍රම සහ මනෝ වෛද්‍ය ක්‍රම මඟින් මේ තත්ත්වය යථාතත්වයට පත් කර ගැනීමට හැකියාව ඇත 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 May 2020 Sun 7:23 PM