ප්‍රශ්න තොරතුරු

මම එක් දරුමවකි.මාගේ ඔසප් වීම ගිය මස ආරම්භ   උනේ අපියෙල් 18  දින. අපියෙල්  24, දින අනාරක්ශිතවත්, 25 දින යෝනියට  ශුක්‍රාණු ඇතුළු  නොකරත්  අපි   එකතු වීමක් සිදු උනා.මැයි මාසයේ  6 දිනද  ආරක්ශිත කොපුවක්  අපි පාවිච්චි කලත්  එය මාගේ යෝනීයේ සිරවී අනාරක්ශිත sex                තත්වයකට  පතුවුන.මේ මාසයේ  15 දිනයි මට ඔසප් වීම තිබුනේ,අදටත් සිදිවී නැත.මේ මස 20 දින home test කලත් එය negative .මට සාමාන්‍යයෙන්  දින 27,28 අතර නිසි පරිදි සිදුවේ.මේ මාසයේ මා හට මානසික ආතති තත්වයක්ද තිබුනා මහත්තයාගේ රැකියාව  අහිමි උන නිසා.මින් පෙර අවස්තාවකත් දවස් 6ක් මට ප්‍රමාද උනා stress නිසා.මේ ඔසප්  ප්‍රමාදය ඒ නිසාද?නැත්නම් දරුවෙකු  පිලිසිදගෙන නිසාද?මා හට මෙ දින කිහිපයේම කොන්ද රීදීමක්ද තියෙනවා.කාරුණිකව  පිලිතුරක්  බලාපොරොත්තු  වෙමි.ස්තුති ..

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍ය තත්ත්ව යටතේ ඔබට  ඔසප් වීම සිදු විය යුතු  වුවත්  එසේ නොමැති වීමට හේතු දෙකක් තිබිය හැක 

1. ඔබ ගැබ් ගෙන තිබීම

2. සාමාන්‍යයෙන් කාන්තාවකට සිදු වන ආකාරයට  ඔසප් ප්‍රමාද වීමක් සිදුවිම්

ඔබ නැවත උදෑසන ලබාගත් මුත්‍රා සාම්පලයක් ගර්භණීභාවය සඳහා  පරීක්ෂා කර බලන්න. එය ද නෙගෙටිව් නම් කලබල විය යුතු නැත 

 නමුත් ඔබ අනාරක්ෂිත එක්වීම් කරඇති බැවින් හා සරුකාලයක සිටි බැවින් ගැබ්ගැනීමට ඉඩකඩක් තිබේ. 

කොන්ඩම් ඔබට සාර්ථක ක්‍රමයක් නොවන බව පෙනේ. ගිලින පෙති හෝ එන්නත් වැනි ක්‍රමයක් ඔබේ පවුලේ වෛද්‍ය වරයා ලවා නිර්දේශ කරවා ගැනීම උචිතය 

ඔබ සඳහන් කර ඇති ආකාරයට මානසික ආතතිය නිසාද නිසා ද ඔසප් වීම බහුලව ප්‍රමාද වීම් දැකිය හැක . ඔබේ ඇතිවන කොන්දේ කැක්කුම සහ  ගැබ් ගැනීම අතර සම්බන්ධතාවයක් නැති බවත් එය බොහෝ විට ඔසප් වීමට ළං වන නිසා සිදුවන දෙයක් බවත් සිතිය හැක . නමුත් මුත්‍රා පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂාවක් මගින් ගැබ් ගැනීමක් වී ඇත්දැයි  තහවුරු කරගැනීම ඉතාම උචිත ය 


 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 May 2020 Mon 12:01 AM