ප්‍රශ්න තොරතුරු

මම අවුරැද්දක විවාහක කාන්තාවක්. මට අවුරුදු 26 යි. Husband & me same age. Period cycle regular. Cycle length 28 days. දරුවෙකු බලාපොරොත්තුවෙන් අපි එකතු වුනේ මාස 2ක් විතරයි දැනට. මාර්තු 31 මට මෙන්සස් වුනා. අප්‍රේල් 10,11,12,13,15 හා 16 දින එකතු වුනත් දරු පිලිසිද ගැනීමක් වුනේ නෑ. අප්‍රේල් 27 නැවත මට මෙන්සස් වුනා. මැයි 6,7,8 හා 12 අපි ආපහු උත්සහ කලත් මැයි 25 මෙන්සස් වුනා. කලින් අපි උපත් පාළන කොපු විතරයි පවිච්චි කලේ. මෙසේ සිදු වන්නෙ ඇයි? සරු කාලයේ එකතු වුනත් දරුවෙකු නැත්තේ ඇයි? මෙය අප පරීක්ෂා කර ගත යුතු තත්ත්වයක් ද? ස්තූතියි ( රැකියව නිසා husband ගෙදර එන්නේ මාසයකට සැරයකි)

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ගැටළුව ඉදිරිපත් කර ඇති ආකාරය සහ දක්වා ඇති කරුණු ඉතා ප්‍රශංසනීයයි . 

ඔබට ලබාදිය ලබා දිය හැකි පිළිතුර වන්නේ මේ ආකාරයට මාස දෙකක් පමණක් උත්සාහ කිරීමෙන් එක වරම දරු පිළිසිඳ ගැනීමක් ඇති නොවීමට ඉඩ තිබේ . ඔබ නිවැරදිව සරු කාලයේ දී එකතු වී ඇති බව පෙනේ නමුත් සරු කාලය තුළ දිනපතා එකතු වීම අවශ්‍ය නැත . ඊට හේතුව දින තුනක් පමන  ගත වන විට ස්වාමියාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය සහ ගුණාත්මකභාවය අඩු විය හැකි බැවිනි එම නිසා එම නිසා අවස්ථා තුනක් පමණක් එම කාලය තුළ එකතුවීම සෑහේ . 

කෙසේ නමුත් දරු පිළිසිඳ ගැනීමක් ඇති වන්නේ ඩිම්බයක් හා ශුක්‍රාණුවක් ගර්භාෂය තුළදී එකතු වීමෙනි ඒ සඳහා ශුක්‍රාණුව මේරූ ඩිම්බයක් සමඟ මුණ ගැසිය යුතුය . 

ඔබේ සිරුර තුළ සිදුවන මේ ක්‍රියාවලිය අපට පිටතින් නිරීක්ෂණය කළ කළ හැකි දෙයක් නො වේ බොහෝ විට විවිධ හේතූන් මත සරු කාලයේ  එකතු වුවත් ශුක්‍රාණු හා ඩිම්බ ගර්භාෂය තුළදී එකතු වීම සිදු නොවිය හැක . ඒ සඳහා බලපාන විවිධ රසායනික හේතු සහ ස්වභාවික හේතුන් තිබේ . 

නමුත් එවැනි දේවල් සඳහා දැන්ම පරික්ෂා කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔබ අවම වශයෙන් අවුරුද්දක්වත් දරුවෙකු පිලිසිද ගැනීම සඳහා උත්සාහ කළ යුතුය . ෆෝලික් අම්ලය  ද ලබා ගැනීම උචිතය 

අවුරුද්දකට පසු වත් ඔබට දරුවකු පිළිසිඳ ගන්නේ නැතිනම් එය ඔබේ හෝ ස්වාමියාගේ මදසරු භාවයක් විය හැක ඒ අවස්ථාවේදී පමණක්  නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වී අදාළ පරීක්ෂාවන් කර ගැනීම සහ උපදෙස් ගැනීම උචිතය .

නමුත්   පෙනෙන පරිදි ඔබගේ චක්‍රය සහ ක්‍රියාවලිය නියමිත පරිදි සිදු වන නිසා ඔබට  ගැබ් ගැනීමේ ඉහළ හැකියාවක් ඇති බව සිතිය හැක . එම නිසා වැඩි දුර කලබල නොවී ආතතියට පත් නොවී ඒ වෙනුවෙන් උත්සාහ කරන්න . 

මේ ගැන අනවශ්‍ය ලෙස වද වීමෙන් ඔබගේ ශරීරයේ ඇති හෝමෝන පද්ධතිය සහ සමතුලිතතාවය බිඳ වැටී එය පිළිසිඳ ගැනීම සඳහා අහිතකර ලෙස බලපෑ හැක. 

එම නිසා විශ්වාසයෙන් සහ විශ්වාසයෙන් සහ බලාපොරොත්තු සහගතව ඉවසීමෙන් කටයුතු කරන්න.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 May 2020 Wed 10:35 AM