ප්‍රශ්න තොරතුරු

mama aurudu 26ka විවාහක kanthawaki. mage wam piyayurehi 4cm pamana gediyak athi wiya. doctor kenekugen beheth ganimata yamedi doctor pawasuwa eya etharan hoda nowe.cancer thathwak wiya haki bawai. scan ekak karagena enna kiyala. scan karapu doctor kiuwe eya ese nowana bawai. esema consultant doctor th kiuwe baya wenna deyak na kiyala. eth meya mata nitharama hithata wada denawa. scan ekata yana wita gediya 4cm sita 2mm dakwa adu wi thibuna. eya cancer thathwayak wiya hakida doctor. wam atha ekkama e paththa nitharama wage ridenawa

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ දන්නවාද බොහොමයක්(50%) තරුණ කාන්තාවන්ට පියයුරු වල තරල පිරුණ ගෙඩි තිබීම සාමාන්‍ය දෙයක් විශේෂයෙන් අවුරුදු 15-30 අතර කාන්තාවන්ට, සුළු පිරිසකට discomfort සහ painful ගතිය තිබෙන්නට පුළුවන්. ඇතැම්විට ගෙඩි එකකට වඩා තිබීම හෝ පියයුරු දෙකේම මෙවන් ගෙඩි තිබීමේ හැකියාවක් තිබෙනවා. ඔබ වෛද්‍ය උපදෙන් දෙනාටමත් අරගෙන, scan එකක් කරලත් තියෙනවා. එය සාමාන්‍ය ගෙඩියක් බව scan එකෙන් තහවුරු වෙලා තියෙනවා. තව දෙයක්, තරුණ ස්ත්‍රියකට පියයුරු පිළිකාවක් වැළඳීමේ සම්බවිතාව ඉතාම අවම වන අතර පිළිකා වක් යැයි සැක කරන ගෙඩියකින් වේදනයක් එන එකත් ඉතාමත් අවමයි. බියවියුතු නැත 4cm වැඩ විශාල වෙනවා නම් ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන ගෙඩිය ඉවත් කල හැකි නිසා, මම ඔබට ශල්‍ය වෛද්‍ය වරයෙකු මුණගැසෙන මෙන් යෝජනා කරමි.
එසේම ස්වයං පියයුරු පර්ක්ෂාව පිලිබඳ, ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව හරහා, දැනුවත් වනමෙන් ඉල්ලා සිටිමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 May 2020 Sun 8:56 PM