ප්‍රශ්න තොරතුරු

ඩොක්ට මම වයස 25 ක ගැහැනු ළමයෙක්. මම පොඩි හෝ බර දෙයක් අතින් උස්සගෙන ඉදලා අත නිදහස් කලයින් පස්සෙ අත ගැහෙන්න ගන්නවා. පොඩි ලමයෙක්වත් වඩාගෙන ඉදලා අත නිදහස් කලාම අත ගැහෙන්න ගන්නවා හොදටම. මුකුත් අල්ලන්න බෑ ඒ වෙලාවට. අත ගැහෙනවා වැඩී. ඒක පාලනය කර ගන්න බෑ. දැන් දීර්ඝ කාලයක ඉදලා, මතකෙ හැටියට ඇවුරුදු 5 ක පමණ කාලයක ඉදලා මේ තත්වය තියෙනවා. ප්‍රතිකාර ගත්තෙ නෑ. ඩොක්ටර් මේ තත්වය කුමන තත්වයක්, හේතුවක් වෙන්න පුලුවන්ද? මේ සදහා කුමන වෛද්‍ය වරයෙක් හමුවිය යුතුද

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ස්නායු දුර්වලතා, හෝර්මෝන ආශ්‍රිත ගැටළු, මාංශ පේශීන් ආශ්‍රිත ගැටළු නිසා මෙවන් තත්ව ඇතිවිය හැකි අතර, මුලික වශයෙන් ස්නායු සම්බන්ධ වෛද්‍ය වරයකු මුණ ගැසීම වඩාත් උචිත වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Jun 2020 Mon 12:44 AM