ප්‍රශ්න තොරතුරු

මමත් මගේ husband  දරුවෙකු බලාපොරොත්තුවෙන් ලිංගිකව සම්බන්ධ විය.දවස් තුනක පටන් අප දෙදෙනාගෙම ලිංගාශ්‍රිතව යම් කසන ස්වභාවයක් ඇත.., තවද,ශිශ්නය ලිංගේන්ද්‍රියට ඇතුල් කිරීමේදී අපහසුතාවයක්ද සමහර අවස්ථා වල පවතී.. ඊට හේතු කවරේද ?ස්තුතියි ...

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මානසික-කායික (ලිංගිකව එකතුවන ස්ථානය, තම සහකරු හෝ සහකාරියගේ සුදානම වැනි කරුණු) හේතුන් මත මෙන්ම රෝගී තත්ත්ව(එය යටි බඩ වේදනාව, ලේ පිට වීම, මුත්‍රා දැවිල්ල, දුගඳක් සහිත තරලයක් පිට වීම හෝ කැසීමක් ලෙස පැමිණිය හැක) මත ලිංගිකව එකතුවන දෙපලකට ඇතැම් අවස්ථාවල විවිධ ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාවල ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී හෝ සම්පුර්ණයෙන් ශිෂ්ණය යෝනි මාර්ගය හරහා ඇතුළු කල පසුව එක්වීමේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ප්‍රථම වරට හෝ දිගු කලකට පසු, ලිංගිකව එකතු වීමට පෙර නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් රෝගී ලක්ෂණ වලකා ගැනීම හෝ අවම කිරීම සිදු කර ගත හැක. මෙසේ දිහටම පවතින්නේ නම් වෛද්‍ය වරයෙකු මුණ ගැසී තව දුරටත් කරුණු සාකච්චකර විසඳුමක් ලබා ගත හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Jun 2020 Mon 12:39 PM

අදහස්