ප්‍රශ්න තොරතුරු

වෛද්‍යතුමනි. මගේ මුහුනේ සම තෙල් ගතියෙන් යුතුය.වැඩි වශයෙන් කුරැලෑද අැති වේ.කුරැලෑවක් අා විට එය කැඩීමේ නරක පුරැද්දක් මට තියේ.එ් නිසාම මුහුනේ ලප කැලැල් හා කුරැලෑ වලවල් මතුව පෙනේ.මේ සදහා කල යුත්තේ කුමක්ද.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුලින්ම ඔබ කුරුලෑ කැඩීමේ නරක පුරුදු නතර කරන්න. ඉන් අනතුරුව හිසකෙස් පිළිබද සැලකිලිමත් වන්න. හේතුව හිසේ හිස් හොරි තිබෙද්දී වැඩි වශයෙන් මුහුණේ කුරුලෑ පැමිණිය හැකියි. එනිසා ඒ පිළිබදව සැලකිලිමත් වන්න. අනතුරුව ඔබේ සමට ගැලපෙන ආලේපන හා facewash ආදිය තෝරා ගන්න.

මෙම කුටුලෑ තත්ත්වය අධික නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කොටගෙන, අදාළ ප්‍රතිකාර සහ උපදෙස් මැනවින් පිළිපදින්න. සැමවිටම මුහුණ පිරිසිදුව තබා ගන්න. හොදින් ජලය පානය කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Jun 2020 Fri 6:24 PM